Colombo Today Local News

ෆොන්සේකා – සුමන්තිරන් මත ගැටුමක් නිසා තේරීම් කාරක සභාව උණුසුම් වෙයි

පාස්කු ප‍්‍රහාරය පිළිබඳව සොයා බලන පාර්ලිමේන්තු විපක්‍ෂ තේරීම් කාරක සභාවේ සාමාජිකයන් දෙදෙනකු වන ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ ද්‍රජාස මන්ත‍්‍රී එම්. ඒ. සුමන්තිරන් යන මහත්වරුන් අතර ඊයේ (31 දා) ඇතිවූ මත ගැටුමක් හේතුවෙන් තේරීම් කාරක සභාව ආරම්භයේ උණුසුම් ස්වරූපයක් ගත්තේය.

ෆොන්සේකා –
යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගෙන් සාක්‍ෂි ලබාගැනීම සඳහා සරත් ෆොන්සේකා මහතා ප‍්‍රවේශයක් ලබාගත් අවස්ථාවේදී මතු කළ ප‍්‍රශ්නයක් සම්බන්ධයෙන් ඇතිවූ එම මත ගැටුම කමිටුවේ නියෝජ්‍ය සභාපති ජයම්පති වික‍්‍රමරත්න මහතාගේ මැදිහත්වීමෙන් නතර කෙරිණි.

සරත් ෆොන්සේකා මහතා – යුද හමුදාපතිතුමා මෙතනදී එදා ප‍්‍රකාශ කළා කිසිදු දෙයක් අවසන් යැයි ප‍්‍රකාශ කළ නොහැකි බවට. එය ඊයේ ඔප්පු වුණා යළි සහරාන්ගේ මස්සිනා කෙනෙකු අත්අඩංගුවට ගැනීමත් සමග. ඒත් දේශපාලනඥයෝ කියනවා එය අවසන් කියලා. අපිත් ඉන්නේ ඔබතුමාගේ ඒ මතයත් සමගයි.

සුමන්තිරන් මහතා – එය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාග් මතය

ෆොන්සේකා මහතා – ඔබතුමාගේ මතය සියල්ල ඉවරයි නැහැ කියන එකද?

සුමන්තිරන් මහතා – මගෙන් ප‍්‍රශ්න අහන්න බැහැ. ෆීල්ඞ් මාර්ෂල් මැතිතුමා. මගෙන් ප‍්‍රශ්න අහන්න බැහැ.

ජයම්පති වික‍්‍රමරත්න මහතා – මෙතන වාදයක් ඇතිකර ගන්න එපා. මෙතන කතා කරන සියලූම දේ ඒ අයගෙ මත තමයි. මේ කමිටුවේ මතය කියලා මම කිව්වෙත් නැහැ.

ජයම්පති මහතා – මෙතන වාදයක් අවශ්‍ය නැහැ.

ෆොන්සේකා මහතා – මම ඒක නිවැරදි කරන්නම්. එය කමිටුවේ මතය නොවේ. මගේ මතයයි.

කෙසේ වෙතත් එම මත ගැටුමට පසුව ෆොන්සේකා සහ සුමන්තිරන් යන මහත්වරු එකිනෙකා සුහදව කතා බහකරනු දක්නට ලැබිණි.

Related posts

හමුදාව දංගෙඩියට යවන්න හැදූ NGO කප්පිත්තෙක් රජයේ වියදමින් ජිනීවා සමුළුවේ !

colombotoday

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ඊ. කුෂාන් කටුනායකදී අත්අඩංගුවේ

Admin

Video: උතුරේ දේශපාලකයන්ගෙන් සිංහලයා ඉලක්ක කර එල්ලවෙන ජාතිවාදී තර්ජන

colombotoday

සම්පත් මුණසිංහ නොහොත් සැබෑ නේවි සම්පත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

colombotoday

මනුෂ්‍ය ඝාතන 12ක් සිදුකර නිදැල්ලේ සිටි ‘තංගල්ලේ සුද්දා’ අත්අඩංගුවට

colombotoday

“අර‍ ලේ” “මේ ලේ” කියන උන් පිරිසක් මොලේ ඇති නායකයන් දෙදෙනාගේ වැඩපිළිවෙල කඩාකප්පල් කරන්න හදනවා – සජිත්

colombotoday