Colombo Today Local News

ෆේස්බුක් ඔස්සේ හුවමාරු වන ප්‍රතිපත්ති අසත්‍ය බව සීලරතන හිමියෝ පවසති

තම ප්‍රතිපත්ති යැයි පවසමින් සමාජ මාධ්‍ය ඔස්‍‍සේ හුවමාරු වන ප්‍රතිපත්ති සම්පූර්ණයෙන් අසත්‍ය ඒවා  බව ජනසෙත පෙරමුණේ  ජනාධිපති අපේක්ෂක පුජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියෝ පවසති.

උන්වහන්සේ  කැෆේ සංවිධානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් මේ බව සඳහන් කළහ.

කවුරුන් විසින් හෝ ව්‍යාජ ජනප්‍රියතාවක් ලබාගැනීමේ අරමුණින් සිදු කර ඇති මෙම ක්‍රියාව මඟින් තමන් සහ තම පක්ෂය අපහාසයට ලක් කර ඇති බව උන්වහන්සේ සඳහන් කළහ. මෙම ව්‍යාජ ප්‍රතිපත්ති හේතුවෙන් තම පක්ෂයේ නියම ප්‍රතිපත්ති සමාජගත කිරිම බරපතළ  ගැටලුවක් වි  ඇති බවද  පුජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියෝ අවධාරණය කරති.

මේ ආකාරයට සමාජ මාධ්‍ය  ඔස්සේ අපේක්ෂකයින්   හෝ ඔවුන්ගේ ප්‍රතිපත්ති අපහාසයට ලක් කිරිම , විකෘති කිරිම ආදිය  දැඩිව හෙළා දකින බව කැෆේ සංවිධානය අවධාරණය කරයි.

එම සංවිධානයේ අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ මහත්මිය පෙන්වා දෙන්නේ  සමාජ මාධ්‍ය ඔස්සේ වැරදි තොරතුරු ප්‍රකාශයට පත් කරමින් ජන්ද දායකයින් නොමඟ යැවිමේ වැඩපිළිවෙළක්  ඉතා සූක්ෂම ලෙස ක්‍රියාත්මක වන බවට තොරතුරු  ලැබී ඇති බවයි. ඇතැම් අපේක්ෂකයින් විසින් ප්‍රතිවාදී අපේක්ෂකයාගේ ප්‍රතිරූපයට හා ජනප්‍රියතාවට හානි සිදුකිරිම සඳහා ව්‍යාජ තොරතුරු නිර්මාණය කරමින් කටයුතු කිරීම නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා බාධාවක් වන බව ආරියංවශ මහත්මියගේ අදහසයි.  මෙම සමාජ මාධ්‍ය මැතිවරණ මෙහෙයුම් සම්බන්ධයෙන් දැඩිව  නිරීක්ෂණය කරමින් ඒ පිළිබඳව සුදුසු පියවර ගැනීම සඳහා මැතිවරණ කොමිසම දැනුවත් කිරීමට කැෆේ සංවිධානය අපේක්ෂා කරන බවද  ඇය පෙන්වා දුන්නාය.

මැතිවරණය ප්‍රකාශයට පත්කළ දිනයේ පටන් මේ වනවිට කැෆේ සංවිධානයට මැතිවරණ පැමිණිලි 161ක් වාර්තා වී ඇති බවත්  ඒ අතරින් බහුතරය රාජ්‍ය දේපළ අවභාවිතය සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරිම්  බවත්  කැෆේ සංවිධානය සඳහන් කරයි.

Related posts

සමාජ මාධ්‍ය අවහිර කළේ ආණ්ඩුවේ විළි වහගන්නයි… දැවැන්ත ජනමත සංහාරයක් !!

colombotoday

කොවිඩ් එන්නත නොගත් අය ඉක්මනටම මධ්‍යස්ථානවලට කැඳවාගෙන එන්න

colombotoday

කහ ගොවීන්⁣ට දෙන බීජ සහනාධාරය දෙගුණ කිරීමට සැලසුම්.

colombotoday

විහාර දේවාලගම් පණත සංශෝධනයට අපෙනුත් උපදෙස් ගන්න – දේවාල භාරකරුවෝ

colombotoday

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙහෙයවනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරමක සැකකරුවෙකු හෙරොයින් කිලෝ 40ක් සමඟ අත්අඩංගුවට

colombotoday

COVID -19 එරෙහි ශ්‍රී ලංකාවේ සාර්ථක සටන චීන ජනපතිගේ ප්‍රශංසාවට

colombotoday