Colombo Today Local News

“හිටපු ජනපතිතුමාගේ දරුවා හිරේ යැවීම ජයග්‍රහණයක් නොවේ” – හරීන්

harin fernandoයෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක් යැයි තමන් විශ්වාස නොකරන බවත්, එහෙත් හිටපු ජනපතිතුමාගේ දරුවා හිරේ යැවීම ජයග්‍රහණයක් යැයි තමා කිසිසේත්ම නොසිතන බවත් විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

ඊයේ 1 දා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව පැවසුවේ.

“කවුරුවත් වරදක් නැතිව අත්අඩංගුවට ගන්නවට මම පෞද්ගලිකව විරුද්ධයි. නමුත් මේ අත්අඩංගුවට ගැනීම පිළිබද දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වුණා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ලංකාවේ මිනිස්සු වැඩිපුරම අපට බණින්නේ කෝ උඹලා හොරු ඇල්ලුවාද කියලයි.

මේ සිදුවීමෙන් ඒකාබද්ධ විපක්ෂය පොඩි චාන්ස් එකක් ගන්න හදනවා. සංවේදීකමක් ඇති කරන්න හදනවා මෙය දේශපාලන පලිගැනීමක් කියලා. මෙතැන එහෙම දේශපාලන පලිගැනීමක් වුණානම් යහපාලන ආණ්ඩුව බලයට පත් කරන්න කැපවුණ අර්ජුණ රණතුංග අමාත්‍යවරයාගේ සහෝදරයත් මේ සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. අර්ජුණ රණතුංග මහතාගේ සහෝදරයට ඇප දීල යෝෂිත රාජපක්ෂ මහත්මයා විතරක් අත්අඩංගුවට ගත්තානම් අපට හිතන්න තිබුණා මේක දේශපලන දඩයමක් කියලා. යැයිද අමාත්‍යවරයා පැවසීය.

 

Related posts

වැලිගමදී පියපුතු දෙපළකට වෙඩි

Admin

මහින්ද අලුත් ජාතික වැඩකට අත ගහයි

colombotoday

ආණ්ඩුවේ දූෂිතයන්ටත් මගෙන් බේරුමක් නෑ – ජනපති

colombotoday

පාරිභෝගික ද්‍රව්‍ය දෙකක ආනයන බද්ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට

colombotoday

2022 අය වැය ඇස්තමේන්තුව ලබන බදාදා පාර්ලිමේන්තුවට

colombotoday

ගෘහස්ත ගෑස් මිල සංශෝධනය වෙයි

colombotoday