Colombo Today Local News

හැසිරීම ඉතාම අසික්කිතයි.. 05 වෙනිදා උදෙට ගනුදෙණුව බේරාගමු…

5 වැනිදා උදේ ගණුදෙණු බේරා ගන්නා බවත් ආණ්ඩුවේ ඉඳගෙන මේ විදියට හැසිරෙන එක ඉතාමත්ම අසික්කිත බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානයක මහතා පවසයි.

ඊයේ පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“සමහර ඇමතිවරු, පුංචි නිලමේ මැතිතුමා, නිශාන්ත මුතුහෙට්ටිගම ඒ කට්ටිය ප්‍රකාශ කරලා තියෙනවා අගමැතිතුමාට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරනවා කියලා. ආණ්ඩුවේ ඉඳගෙන මේ විදියට හැසිරෙන එක ඉතාමත්ම අසික්කිතයි. අපි 5 වෙනිදා උදේ අපේ ගණුදෙණු ටිකත් බේර ගන්නවා කියන එක අපි පැහැදිලිවම ප්‍රකාශ කරන්න අවශ්‍යයි.”

උත්සවයකට සහභාගී වෙමින් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරගොඩ මහතාද මෙසේ අදහස් දැක්විය.

“එක දෙයක් අපේ අගමැතිතුමටයි ආණ්ඩුවටයි කියමු මේ පසුපෙළ මන්ත්‍රීවරු හැටියට අපි මේක පරාජය කරන්නේ ප්‍රශ්න එහෙම නැතුව නෙවෙයි. මාස 2ක් ඇතුළත ආණ්ඩුවේ වැඩපිළිවෙලෙයි, පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙලෙයි දැවැන්ත වෙනසක් අපි බලාපොරොත්තු වෙනවා, ඒ වෙනස කළේ නැතොත් මාස 2ක් ඇතුළත දන්නවනේ ඉතින් බන්දුලාල්ලගෙත් කටවල් එච්චර හොඳ නෑ, බොහොම අමාරුවෙන් තද කරගෙන ඉන්නේ.”

Related posts

‘අස්වැසුම’ දෙවැනි අදියරට තහවුරු කළ ප්‍රතිලාභීන්ගේ මුදල් බැංකුවට

Admin

තිස්ස යලිත් රනිල් ලගට…?

colombotoday

දුමක් ආග්‍රහණය වී පාසලක සිසුන් පිරිසක් රෝහලට

Admin

ශිෂ්‍ය කප්පාදුවට විසදුම් ඉල්ලූ සඹරේ සිසුන්ට පයින් ගසා එලවා දමයි

colombotoday

දුම්රිය නියාමකවරුන්ගේ වර්ජනය අවසන්

colombotoday

සා/පෙළ විභාගය අදින් අවසන්..

Admin