Colombo Today Local News

හමුදාවේ ප්‍රධානියා ලබන 27 CID ට කැදවයි…

ලබන 27 වනදා පෙරවරු 10ට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ආරක්ෂක මාණ්ඩලීක ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතාට දැනුම් දී තිඛෙනවා. අධිකරණයෙන් ලබා දී ඇති නියෝගයකට අනුව ප්‍රකාශයක් ලබා ගැනීම සදහා අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතාට මෙම දැනුම් දීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

තරුණයින් 11 දෙනෙකු පැහැරගෙනගොස් අතුරුදන්කිරීමේ චෝදනා එල්ලවී ඇති නාවික හමුදා ලුතිතන් කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චිට අධිකරණය මගහැර සැගව සිටීමට ආධාර අනුබල දුන් බවට වන චෝදනාව යටතේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයාට එරෙහිව මේ වන විට අධිකරණය හමුවේ නඩුවක් ගොණු කර තිඛෙනවා.

එම නඩුවට අදාලව ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධීකරණය අවස්ථා 4කදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග ලබා දී තිඛෙනවා.

Related posts

නිලධාරීන් බිය විය යුතු නැහැ – ජනපති

colombotoday

පෑලියගොඩ මහ මග නාඳුනන මළ සිරුරක්

colombotoday

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍රට වරෙන්තු

colombotoday

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය යලි පවරා ගනී

colombotoday

උතුරේ දේශපාලන පෙරළියක්.. ටී.එන්.ඒ. දෙදරයි.. පක්ෂ කිහිපයක් ඉවත් වී නව සන්ධානයක් හදයි !!

colombotoday

සෞඛ්‍ය නිර්දේශ නොතැකු 201 ක් අත්අඩංගුවට

colombotoday