Colombo Today Local News

හඩ පටය තමන්ගේ බව හිටපු අල්ලස් ලොක්කී පිළිගනී !

සමාජ මාධ්‍ය ජාල වල සංසරණය වන නිශ්ශංක සේනාධිපති මහතා විසින් සමාජ මාධ්‍ය ජාලයට මුදා හළ දුරකතන සංවාදය ඔහු සමඟ තමා පැවැත්වු එකක් බව සොලිසිටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා හමුවේ පිළිගෙන ඇතැයි වාර්තා වේ.

සිංගප්පුරුවේ රෝහලක ප‍්‍රතිකාර ලබන ‘‘ඇවන්ට් ගාඞ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා එහි ප‍්‍රතිකාර ලබන අතරතුර පසුගිය සිකුරාදා (20දා) සමාජ මාධ්‍ය ජාලයට මුදා හරිනු ලැබූ ආන්දෝළනාත්මක හඬ පටය සම්බන්ධයෙන් එදිනම පස්වරුවේ නීතීපතිවරයා හමුවී ඇය මෙම පිළිගැනීම කොට ඇතැයි වාර්තා වේ.

සොලිසිටර් ජනරාල් වික‍්‍රමසිංහ මහත්මිය පසුගිය සිකුරාදා නීතිපති දෙපාර්තමෙන්තුවේ රාජකාරියට පැමිණි පසු නීතීපතිවරයා ඇය කැඳවා සමාජ මාධ්‍ය ජාලා වල සංසරණය වන ආන්දෝළනාත්මක හඬ  පටය සම්බන්ධයෙන් ඇගෙන් විමසා සිටි අවස්ථාවේදී ඇය මෙම පිළිගැනීම කොට ඇතැයි ද වාර්තා වේ.

Related posts

පිලිපීනයේ ක්‍රමයට මත් ජාවාරම්කරුවන් මර්ධනය නොකරන්නේ මෙහෙ NGO කාරයෝ කෑ ගහන නිසයි…

colombotoday

පළාත් හතකට තුන්දා වැහි…

colombotoday

ජුනි 04 රජයේ නිවාඩු

colombotoday

සිය පරාජය පිලිබඳ රහසක් මහින්ද හෙළි කරයි.

colombotoday

අජිත් රෝහණගේ තනතුර SSP නිහාල් තල්දූවට

colombotoday

යල් පැන්න බන්ධනාගාර පනත් සංශෝධනයට පියවර

Admin