Colombo Today Local News

සුදු වෑන් සංස්කෘතියක් තිබුණා. රාජිතට කළ දේ දේශපාලන පළිගැනීමක්. කුමාර වෙල්ගමගෙන් ප්‍රකාශයක්

පසුගිය 2010-2015 රජය සමයේ සුදු වෑන් සංස්කෘතියක් තිබුණා. ඒක නැහැ කියලා කාටවත් කියන්න බැහැ යැයි කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මතුගමදී පැවසීය.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීම පිළිබඳ අදහස් දක්වමින් හිටපු මන්ත්‍රී කුමාර වෙල්ගම මෙසේද කීවේය.

කාටහරි දඬුවම් දෙන්න අවශ්‍ය නම් ආණ්ඩුවට පොලිසිය ලවා ඒක කරවන්න පුළුවන්. මෙවැනි දේ අපි මීට ඉහත අත්දැකලා තියෙනවා. රාජිත සේනාරත්න කළ දේ හරිද? වැරදිද? කියලා මම කියන්න යන්නේ නැහැ. ඒ අවස්ථාවේ මැතිවරයක් තිබුණා. ඔහුට ලැබුණු තොරතුරු අනුව ඔහු කටයුතු කළා. එහෙම නැතිව රාජිත සේනාරත්න හිතා මතා කළ දෙයක් නෙමෙයි.

මම දන්න තරමින් මේ ගැන ප්‍රකාශයක් කළ ප්‍රධානම පුද්ගලයන් දෙදෙනා අද නිදහස් කරලා තියෙනවා. ඒ නිසා මේක දේශපාලන පළිගැනීමක් බව ඉතා පැහැදිලියි. ඒකාබද්ධ විපක්ෂ‍ය හිටපු කෙනෙකු ලෙස එයාලා කටයුතු කරන්නේ කොහොමද කියලා මම ඉතාම හොඳින් දන්නවා. කෙනෙකුට හිරිහැර කරන්න අවශ්‍ය නම් ඒක කළ යුතු ආකාරය එයාලා දන්නවා.

මොකද මම එතන ඉඳලා ආව කෙනෙක් විදිහට මේ රජය ක්‍රියා කරන හැටි ගැන මට ඉතා හොඳ වැටහීමක් තියෙනවා. පසුගිය රජය වගේම මේක මේ රජය කළ වැරදි දෙයක්. කවුරු කළත් ඇත්ත කියන්න ඕන. වැරදි කරන්නේ නැහැ කියලා මෙයාලා ආවේ.

රාජිත සේනාරත්න මේ රටට විශාල සේවයක් කළ දේශපාලනඥයෙක්. ඒ නිසා ආණ්ඩුව ඔහු සම්බන්ධයෙන් දක්වපු ක්‍රියාකලාපය ගැන අපගේ විරෝධය ප්‍රකාශ කරනවා.

Related posts

කිරිඇල්ලගේ දියණියගේ ලිපියකින් මාර්ග සංවර්ධන අධිකාරියට 45 ක් සේවයට අරන්- ජනාධිපති කොමිසමේදී හෙළි වෙයි

colombotoday

පාවෙන අවි ගබඩාව බාරව සිටි යුද හමුදා හිටපු කර්නල්වරයා අත්අඩංගුවට

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට ඡායාරූප ගැනීමට නිල ඇඳුම් දුන් කොස්තාපල්ගේ වැඩ තහනම්

colombotoday

පොලිස්පතිවරයාට විතරක් නෙවෙයි අල්ලා දෙවියන්ටත් පැමිණිල්ලේ කොපියක් යවන්න – ඥානසාර හිමි

colombotoday

ඇඳිරි නිතිය ඉවත් කෙරුණත් නිරෝධායන ක්‍රියාවලිය දැඩිව නිරීක්ෂණය කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

colombotoday

රටේ අවධානය පොර්ට් සිටියට යද්දී කෝමාරිකා වගාවට විල්පත්තුවේ අමුණක් සැදීමේ පිඹුරුපත් සැකසේ.

colombotoday