Colombo Today Local News

සීගිරිය, දඹුල්ල සංචාරක කළාපයක් කරයි

සීගරිය, දඹුල්ල, ඉබ්බන්කටුව හා නාමල් උයන අතර සම්බන්ධතාවක් ඇතිකොට සංචාරක කලාපයක් සේ සංවර්ධනය කිරීම කෙරෙහි මධ්‍යම සංස්කෘතික අරමුදලේ අවධානය යොමුව ඇතැයි එහි අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියශාන්ත ගුණවර්ධන මහතා පවසයි.

ඒ,ජාතික නාමල් උයන හා රෝස තිරිවානා නිධියේ මෙහෙයුම් හා නඩත්තු කටයුතු නිල වශයෙන් පවරා දීමෙන් පසුවය.

වාර්ෂිකව සීගිරිය නැරැඹීමට පැමිණෙන ලක්ෂ 6ක් පමණ වූ විදේශීය සංචාරකයන් කේන්ද්‍ර කොට ගනිමින් මේ සැලැසුම ක්‍රියාවට නැන්වෙන බවත් සීගිරිය ආසන්නයේම ඇති මෙවැනි පෞරාණික හා භූ විද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථාන මඟහරිමින් අනුරාධපුර, පොළොන්නරුව වැනි ප්‍රදේශ කරා ඇදී යන සංචාරකයන් රෝස තිරිවානා නිධිය නැරැඹීම කෙරෙහි ආකර්ෂණය කර ගැනීම සඳහාද අවධානය යොමුව ඇති බවත් හෙතෙම තවදුරටත් පැවැසීය.

ස්වාභාවික පරිසරය, බෞද්ධාරාම සංකීර්ණය, භූ විද්‍යාත්මක වැදගත්කම ආදී තොරතුරු ඇතුළත් අධ්‍යාපනික මධ්‍යස්ථානයක් ලෙසින්ද ජාතික වශයෙන් වැදගත් වන කෞතුකාගාරයක් ලෙසින්ද මේ ස්ථානය ප්‍රවර්ධනය කිරීමට සැලැසුම් කොට ඇතැයිද අධ්‍යක්ෂ ජනරාල්වරයා තවදුරටත් පැවැසීය.

ජාතික නාමල් උයන හා රෝස තිරිවාණා නිධිය නිරීක්ෂණය කිරීම සඳහා මාධ්‍යවේදීන් පිරිසක් එහි ගිය අවස්ථාවේදී සාකච්ඡාවට එක්වෙමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පැවැසීය.

Related posts

ඓතිහාසික පාෂාණ පබ්බත විහාරභූමියේ අයිතිය TNA ඉල්ලයි.. අලුතෙන් ඉතිහාසයකුත් හදාගෙන !

colombotoday

මහින්දගෙන් ජපාන අගමැතිට තුති

colombotoday

ඥාතීන් හා භාරකරුවන් ඉදිරිපත් නොවු කොවිඩ් මළ සිරුරු රජයේ වියදමින් ආදාහනය කරයි

colombotoday

ආණ්ඩුව හොදායි.. වෙනස සැපායි.. එට්කා ඕනමයි කියන්න එජාප පාක්ෂිකයෝ මහ ගොඩක් 15දා වීදි බසී

colombotoday

නිදහස් පක්ෂ – පොහොට්ටු තෙවන සාකච්ඡාවත් එකඟතාවකින් තොරව අවසන්

colombotoday

ආරච්චිකට්ටුව පොලීසිය තාවකාලිකව වැසෙයි

colombotoday