Colombo Today Local News

සිසිල් කොතලාවල කටුනායකදී අත්අඩංගුවට… හදිසියේ ලෙඩ වී රෝහල්ගත කරයි

සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ සභාපති ලලිත් කොතලාවලගේ බිරිය සිසිල් කොතලාවල කටුනායක දී අත්අඩංගුවට ගත් බව ආගමන විගමන නිලධාරීන් පවසි.

අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇය රහස් පොලිස් මූලස්ථානයට ගෙන යෑමට සූදානම් වුවත් අසනීප තත්ත්වයෙන් සිටින නිසා රෝහල් ගත වීමට අවශ්‍ය බවට ඇය කළ ඉල්ලීම අනුව රහස් පොලිස් බාරයේ ගිලන් රියකින් කොළඹ ඩර්ඩන්ස් රෝහලට ගෙන එනු ලැබීය.

ගෝල්ඩන් කී සමාගම බිඳ වැටීමෙන් පසු එහි තැන්පත්කරුවන් ස්ථිර තැන්පත් ඉල්ලද්දී ඇය ශ්‍රී ලංකාවෙන් පිටව ගිය බැවින් අත්අඩංගුවට ගැනීම සඳහා ඉන්ටර්පෝල් පොලිසිය වරෙන්තු ද නිකුත් කළේය. 2008 දෙසැම්බර මාසයේ දී පමණ ඇය ශ්‍රී ලංකාවෙන් නික්මව ගිය අතර එංගලන්තයේ සිට ඩුබායි හරහා ලංකාවට එද්දීයි මෙසේ අත්අඩංගුවට පත්ව තිබෙන්නේ.

Related posts

ෆයිසර් එන්නත ගන්න අලුත් අවස්ථාවක්

colombotoday

අතුරුදන්වූවන් පිළිබද කාර්යාලය කඩිනමින් ක්‍රියාත්මක කරන්න ඉල්ලයි

colombotoday

‍රනිල්-අනුර විවාදයක්

Admin

දින 100ක් තුල ගම් මට්ටමින් ආහාර සුරක්ෂිතතා කමිටු පිහිටුවීමට අගමැතිගෙන් උපදෙස්

colombotoday

කොරෝනා මර්දනයට චීනයෙන් දුන් මුදල්වලට වුණ දේ ආණ්ඩුව රටට කිව යුතුයි

colombotoday

රෝසි ඝා-තන සැලසුමක්?

Admin