Colombo Today Local News

සියලුම ඉරිදා දහම් පාසල් අප්‍රේල් 26 දක්වා වසාදැමේ

දිවයිනේ සියලුම දහම් පාසල් අප්‍රේල් මස 26 වැනිදා දක්වා නොපැවැත්වීමට තීරණය කර ඇති බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

කොරෝනා හෙවත් කෝව්ඩි 19 රෝගීන් හා සම්බන්ධ විවිධ තොරතුරු ලැබීම හේතුවෙන් හා ආසාදිතයින් හදුනාගැනීම මත දිවයිනේ සියලුම පාසල් අප්‍රේල් මස 20 වැනිදා දක්වා නොපැවැත්වීම හේතුවෙන් ඊට සමගාමීව දහම් පාසල් ද නොපැවැත්වීමට තීරණය කර තිබේ.

මෙම රෝගී තත්වය පැතිරීම වලක්වා ගැනීම උදෙසා විශේෂයෙන් රජය විසින් ගනු ලබන කාර්යයන්ට දායකත්වය සපයමින් දිවයිනේ සියලුම බෞද්ධ දහම් පාසල් අප්‍රේල් 26 දක්වා නොපවත්වන මෙන් ප්‍රධානාචාර්යවරුන් සහ නිස්සරණාධ්‍යාසයෙන් දහම් ගුරු සේවයෙහි යෙදෙන සියලු ගුරු භවතුන් ගෙන් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ඉල්ලා සිටියි.

Related posts

ගෑස් මිල යළි පහළට

colombotoday

පොහොට්ටුවේ පැකේජය අද එළිදකී !

colombotoday

මනෝ, මලික්, බදියුදීන් ඇමතිකම් එපා කියයි…

colombotoday

ලියාපදිංචි නැති බෙහෙත් ලංකාව පුරා බෙදා හැරෙමින් තිබෙනවා – රාජිත සේනාරත්න කියයි

Admin

වන විනාශය සිදුකරන රටවල් අතරින් ශ්‍රී ලංකාව ලෝකයේ හතරවැනි ස්ථානයට

colombotoday

වසර ගණනකට පසු පොලිස් පොඩ්ඩන් 9317කට උසස් වීම් දෙන්න කැබිනට් අනුමැතිය

Admin