Colombo Today Local News

සහල් සදහා නව ගැසට්පතක් නෑ!තවම වලංගුවන්නේ 2019/05/31 ගැසට්පතයි!

සහල් සදහා තවම නව ගැසට්පතක් නිකුත් කර නැති බවත් තවම වලංගු වන්නේ 2019/05/ 31 දින නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් අංක 2125/66 බව රිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්යාවපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසනවා. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කරන්නේ සුදු සම්බා කිලෝ එකක උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 85.00 ක් සහ සුදු නාඩු කිලෝ එකක උපරිම සිල්ලර මිල රුපියල් 80.00 ක් බවයි.

2019/12/10 දින මහාපරිමාණ මෝල් හිමියන් සමග ජනාධිපති ලේකම්වරයා කරන ලද සාකච්ඡාවකින් පසු එකග වී ඇත්තේ සම්බා සහල් කිලෝ එකක් රුපියල් 99.00 කටත් නාඩු සහල් කිලෝ එකක් රුපියල් 98.00 කට අලෙවි කරීමට වුවද තවම එය ගැසට් කර නොමැති බව විතානගේ මහතා පෙන්වා දෙයි.

Related posts

කොරෝනා ව්‍යාප්තිය ඉහළට… හොංකොං රාජ්‍ය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරයි !

colombotoday

අන්තරේ ට කොළඹදී පොලීසියෙන් ජල ප්‍රහාරයක්

Admin

උප පොලිස් පරීක්ෂකවරයෙක් ගිනිඅවියෙන් වෙඩිතබා ගනී

Admin

කොටුව පොලිසියේ ලොක්කෙකුට කොරෝනා

colombotoday

දෙමල ජනතාව පැරිසියේ කොටි හැර යති – උද්ඝෝෂණය අසාර්ථකයි

colombotoday

දණ්ඩනීති පනත තාවකාලිකව නතර කළා විතරයි.. සංශෝධන සහිතව යළි ‍ගේනවා

colombotoday