Colombo Today Local News

“සමාදානයක් එපා… හමුදාවට දඩුවම් ඕනමයි” – සම්බන්ධන්

ආරක්ෂක හමුදාව හා කොටි සංවිධානය යන දෙපාර්ශ්වයම අතින්ම යුද අපරාධ සිදුව ඇති බව කියමින් අතීතය අමතක කර සාමදානයෙන් මෙම ගැටලුව විසඳා ගැනීමේ අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්පන්දන් මහතා පැවසීය.

යුද සමයේ සිදුවූ සිද්ධීන් ආරක්ෂක හමුදාව හා කොටි සංවිධානය යන දෙපාර්ශ්වය අතින්ම සිදුවූ බවත් සිදුවූ දෑ අමතක කර සාමදානයෙන් මෙම ගැටලුව විසඳාගමු යනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කිලිනොච්චියේදී පසුගියදා කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සම්පන්දන් මහතා ඒ බව කීවේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ සම්බන්ධන් මහතා මෙසේද කීය.

‘‘අවසන් යුද්ධයේදී මෙරට තුළ යුද අපරාධ වූ බව අගතියට පත්වූවන් අතරින් කරන ලද විමර්ශනවලින් තහවුරු වී තිබෙනවා. ශ්‍රීලංකාවට පැමිණී විදේශීය රාජ්‍ය නායකයින්ට සහ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්ටද පීඩාවට පත්වූ ජනතාව මේ බව සැලකර තිබෙනවා. 
මෙනිසා යුද අපරාධ දෙපාර්ශ්වයම සිදුකලා කියලා දෙපාර්ශ්වයම අවබෝධ කරගෙන සිටිනවා කියලා කිසිවෙකුට මේ චෝදනාවලින් මිදී යා නොහැකියි.

එක් රටක යුද්ධයක් පවතින්නේ නම් යුද මූලධර්මයන් න්‍යායන් අනුගමනය කළයුතුයි. ඒ වගේම ඒ රටේ සාමාන්‍ය සිවිල් ජනතාව සුරක්ෂා කළයුතුයි.මේ සියල්ල විසිකර දමලා ශ්‍රීලංකා හමුදාව යුද අපරාධ හා මානව හිමිකම් කඩකිරීම් අවසන් යුද වකවානුවේදී සිදුකලා.දහස් ගණනක සාමාන්‍ය ජනතාවක් මේවාට ගොදුරු වුනා.දහස් ගණනක පිරිසක් අතුරුදහන් කලා.මෙවන් තත්වයක් තිබියෙදී තමයි යුද අපරාධ සිදුවුන බව පිළිගෙන අගමැති රනිල් වික්‍රමසිංහ සිදුවූ දෑ අමතක කරමු සමාදානයෙන් මෙම ප්‍රශ්නය විසදාගමු කියල ප්‍රකාශ කළේ.

ඒ වගේම ආරක්ෂක හමුදාව අතින් යුද අපරාධ සිදුවුනා කියල අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමද අගය කළයුතුයි. එහෙත් ඔහුගේ අමතක කරමු සමාදාන වෙමු කියන ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරනවා.ඊට කිසිවිටක ඉඩ තබන්නෙ නැහැ.ජාත්‍යන්තරයත් ඊට කිසිවිටක ඉඩ නොතබනු ඇති. ආරක්ෂක හමුදාව විසින් කරපු යුද අපරාධවලින් පීඩාවට පත්වූවන් තවමත් උතුරේ ජීවත් වෙනවා.අගතියට පත්වූවන්ටත් ඝාතනයට ලක්වූවන්ටත් අතුරුදහන් කරනු ලැබූවන්ටත් යුක්තිය ඉටුවිය යුතුයි.ජාත්‍යන්තර යාන්ත්‍රණයක් මගින් සත්‍ය සොයාගත යුතුයි.අපරාධකරුවන්ට දඬුවම් ලබාදිය යුතුයි.‘‘

Related posts

පාස්කු වින්දිතයෝ හිටපු පාලකයන්ගෙන් රුපියල් කෝටි 200ක වන්දි ඉල්ලති

colombotoday

එජාප ජ්‍යෙෂ්ඨයෝ සිරිකොතේ රැස්වෙයි… ප්‍රතිසංවිධානය ඇරඹෙයි… නායකත්ව වෙනස ගැන තීරණාත්මක සාකච්ඡා

colombotoday

ඇමති විමල් ඇතුළු 6කට එරෙහි නඩුව වැඩිදුර විභාගයට දින නියම කෙරේ

colombotoday

පොහොය දිනවල උපකාරක පංති නවතයි

colombotoday

මුස්ලිම් දේහයක ඇට කැඩීම ඔහු ජීවත්ව සිටියදී කැඩුවා හා සමානයි. – වැලලෙන්න ඉල්ලා බදුර්දීන් යලිත් ජනපතිට ලියයි

colombotoday

2015-2018 යහපාලන වංචා දූෂණ හොයන්න ජනපතිගෙන් කොමිසමක්…

colombotoday