Colombo Today Local News

සමාජ මාධ්‍ය භාවිතා කරන බොහෝමයක් උගත්කමින් අඩු අය, ඔවුන් 80%ක් කියන්නෙ බොරු – ජනපති

සමාජ මාධ්‍ය පිළිබඳව කරන සමීක්ෂණවලදී ඒවා භාවිත කරන්නන්ගෙන් බොහෝමයක් උගත්කමින් පහළ අය බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පොලොන්නරුවේ පැවැති වැඩසටහනකදී ඔහු මේ බව ඊයේ (12දා) ප්‍රකාශ කළේය.

“සැමවිටම අධි තාක්ෂණය භාවිත කිරීමේදි, ප්‍රා යෝගික ක්‍රියාකාරිත්වයේදී මිනිසාගේ ප්‍රගමයට භාවිත වීම තමයි අත්‍යාවශ්‍ය වන්නේ. අද සමාජ වෙබ් අඩවි බැලුවොත් මොන තරම් අසත්‍ය දේවල් මොන තරම් ජනතාව නොමග යවන දේවල් අද සමාජ  වෙබ් අඩවි හරහා යනවද?

චරිත ඝාතන, නින්දා අපහාස වලින් පිරුණු ලෝකයක් බවට සමාජ වෙබ් අඩවි පත්වෙලා තිබෙනවා. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය පිළිබඳව ගවෙෂණ සමීක්ෂණ කරන අපේ රටේ වගේම ලෝකයේ සෑම රටකම සොයාගෙන තිබෙන්නේ සමාජ වෙබ් අඩවි භාවිත කරන්නන්ගෙන් විශේෂයෙන්ම දැන උගත් සමාජයෙන් පහළ අය.

පාවච්චිකරන දේ නිර්මාණය කරන දේ 80%ක්ම අසත්‍යයි. කිසිවෙටකත් තාක්ෂණය මිනිසා විනාශ කිරීමට භාවිත නොකළ යුතුයි.”

Related posts

ආදායම් නැති නෙවිල්ගේ රෝහල වෙනුවෙන් රජය වසරකට මිලියන් තුන්සීයක් ණය ගෙවයි !

colombotoday

ගාල්ලේ කන්දක් නාය යයි

Admin

යහපාලනයට බැට දුන් චීන තානාපති විදේශ කටයුතු අමාත්‍යාංශයට කැදවා තරවටු කරන්න යයි !

colombotoday

රුසියානු ජනපතිවරණයට නාමල් යයි

colombotoday

රනිල්ගෙන් වෙන් වී ගීතා සජිත් ලඟට

Admin

‘අපි තව ටිකක් ඉවසීමෙන් යං’

colombotoday