Colombo Today Local News

සම්බාහන මුවාවෙන් බස්නාහිර ගණිකා නිවාස 356ක්

සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන යන ගණිකා නිවාස 356 ක් බස්නාහිර පළාතේ ස්ථාපිත කර තිබෙන බව පොලිස් බුද්ධි අංශ මගින් කළ සමීක්‍ෂණයකින් හෙළිවී ඇත.

සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන යන මෙම ගණිකා නිවාස වැටලීමේ මෙහෙයුම් මේවන විටත් ආරම්භ කර ඇති බවත් මෙම මෙහෙයුම් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මෙහෙයවීමෙන් කි‍්‍රයාත්මක වන බවත් පොලිස් මූලස්ථානය පවසයි.

මෙම සම්බාහන මධ්‍යස්ථාන තුළ විශාල වශයෙන් අකටයුතුකම් නීතිවිරෝධී කි‍්‍රයාවන් සිදුවන බවත් එම මධ්‍යස්ථානවල සේවය කරන බොහෝ තරුණියන් විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින බවත් හෙළිව ඇති බව පොලිසිය පවසයි.

පසුගිය දින කීපය තිස්සේ කොළඹ නගරයේ ප‍්‍රදේශ කීපයක මෙම සම්බාහන මධ්‍යස්ථාන වැටලීමේ මෙහෙයුම් සාර්ථකව කි‍්‍රයාත්මක කළ බවද පොලිස් මූලස්ථානය පවසයි.

Related posts

ආගමට වඩා මනුෂ්‍ය ජීවිතය ලොකුයි – කාදිනල්

colombotoday

“මහානායක හිමිවරු අනුමැතිය දෙනවානම් සංඝාධිකරණයක් පිහිටුවනවා“ – අගමැති

colombotoday

Video: කැබිනට් මණ්ඩලයේ මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් ඉන්නවා

colombotoday

සෞඛ්‍ය ඇමතිනියට කොවිඩ් ?

colombotoday

ඉන්දියාවට 70% යි.. ලංකාවට 30% යි.. මත්තල ඉන්දියාව සමග හවුලේ කරගෙන යන්න එකගවුණා – ප්‍රවාහන නියෝජ්‍ය ඇමති

colombotoday

කෑමට නුසුදුසු මිරිස් කන්ටේනර් 40ක් හරවා යවයි…

Admin