Colombo Today Local News

සත්‍යග්‍රහය අත්හිටුවීමට වරාය සේවකයින්ගෙන් කොන්දෙසියක්

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පවත්වාගෙන යන බවට ලිඛිත පොරොන්දුවක් ලබාදෙන්නේ නම් සිය සත්‍යග්‍රහය අත්හිටුවන බව වරාය සේවකයින් පවසයි.

නැගෙනහිර පර්යන්තයේ කටයුතු ආරම්භ කරන ලෙස රජයට බල කරමින් වරාය සේවකයින් දැනට දින කිහිපයකට පෙර සත්‍යග්‍රහයක් ආරම්භ කළේය.

කෙසේවෙතත් ඔවුන් ඊයේ (31)දින සිට වර්ජනයක් ආරම්භ කළ අතර මේ හේතුවෙන් කොළඹ වරායේ කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වී ඇත.

වර්ජනයේ නිරත සේවකයින් පවසන්නේ නැගෙනහිර පර්යන්තයේ කටයුතු හැකි ඉක්මණින් වරාය අධිකාරිය යටතේ පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා ලෙසය.

Related posts

ශ්‍රී ලංකාව තුළ තවත් සංවේදී පරිසර පද්ධති 04ක් අලුතින් හදුනා ගනී

colombotoday

ගෝඨාගේ ජයට අබමල් රේණුවකින්වත් ශ්‍රීලනිපය හානි කරන්නේ නෑ. තිලංග සුමතිපාල

colombotoday

2022 අය වැය ඇස්තමේන්තුව ලබන බදාදා පාර්ලිමේන්තුවට

colombotoday

කොලොන්නාවේ සුමංගල හිමි අත්අඩංගුවට..!

colombotoday

අර්ජුන් ගැන විගණකාධිපති වාර්තාවෙන් අගමැතිගෙත් පටි රෝල් !

colombotoday

සනත් නිශාන්තට ඇප

colombotoday