Colombo Today Local News

සජිත්ගේ සමගි ජන බලවේගයේ නාමයෝජනා නිෂ්ප්‍රභ කරන්න ඉල්ලා හිටිහාමිලාගේ හේරත් ශ්‍රේෂ්ඨාධිකරණයට

ඉදිරි මහ මැතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර නිෂ්ප්‍රභ කරන ලෙස මැතිවරණ කොමිසමට රිට් ආඥාවක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම‍ මේ මස 18, 22 හෝ 28 යන දිනයන් අතුරින් එක් දිනයක කැඳවන ලෙස ඉල්ලමින් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෝසමක් ඉදිරිපත් කර තිබේ.

කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙකු වන හිටිහාමිලාගේ හේරත් මහතා විසින් පෙත්සම ඉදිරිපත් කළේය.

ඒ අනුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා එය මේ මස 18, 22 හෝ 28 යන දිනයන් අතුරින් එක් දිනයක විවෘත අධිකරණයේ කැඳවන ලෙස ඉල්ලමින් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥ මංජුල බාලසූරිය මහතා විසින් මෙම මෝසම ඉදිරිපත් කර තිබේ.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු එහි සාමාජිකයන් තිදෙනා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස,  සමගි ජන බලවේග පක්ෂයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර, අපේ ජාතික පෙරමුණ පක්ෂයේ සභාපති සේනක හරිප්‍රිය ද සිල්වා, එහි ලේකම් ඩයනා ගමගේ යන අය නම් කර තිබේ.

පෙත්සම්කරු සඳහන් කර සිටින්නේ සමගි බලවේගය වශයෙන් නාම යෝජනා භාරදී තිබෙන පක්ෂය ස්ථාපිත වී තිබෙන්නේ අපේ ජාතික පෙරමුණ නැමති පක්ෂය පදනම් කරගෙන බවයි.

සමගි ජනබලවේගය පක්ෂයේ මහලේකම් ලෙස රංජිත් මද්දුමබණ්ඩාර මහතා පත් කිරීමේදී  අදාල පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ නිසි අනුමැතිය හිමිවී නොමැති බව ද පෙත්සම්කරු පෙන්වා දෙයි.

ඒ අනුව ඉදිරි මහමැතිවරණය සඳහා රංජිත් මද්දුමබණ්ඩාර මහතා සමගි ජන බලවේගයේ මහ ලේකම්වරයා වශයෙන් කටයුතු කරමින් අත්සන්කොට මැතිවරණ කොමිසමට භාර දී තිබෙන නාම යෝජනා සියල්ල නීතියට පටහැනි බව පෙත්සම්කරු සඳහන් කරයි.

එබැවින්  අදාළ නාම යෝජනා පත්‍ර භාර ගැනීමට මැතිවරණ කොමිසමට බලයක් නොමැති බවට තීන්දු කොට ඒවා බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස  පෙත්සම්කාර ඔෂල හේරත් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අයද සිටී.

Related posts

අරලියගහ මන්දිරයේ සහ ගාලුමෝදර සිදුවූ කලහාකාරී සිද්ධි විමර්ශනයට සී.අයි.ඩිය ජනතාවගෙන් තොරතුරු ඉල්ලයි

colombotoday

අද (16) සිට උල්කාපාත වර්ෂාවක් දැකගැනීමේ අවස්ථාව ලාංකිකයින්ට උදා වේ.

colombotoday

මෙරටින් සොයාගත් නව ප්‍රභේදය ගැන ජනතාව දැනුවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රමාදයි.

colombotoday

සයිටම් වගේ 10 ක් 15ක් රටට අවශ්‍යයි – බොදු බල සේනා

colombotoday

73 වන ජාතික නිදහස් දින සැමරුම අභිමානවත්ව

colombotoday

කැබ් රථයක් ප්‍රපාතයකට පෙරලී 15ක් රෝහලේ

Admin