Colombo Today Local News

සංචාරක වීසා මගින් පැමිණ කම්කරු රැකියාවේ නිරතව සිටි චීන්නු 14කට වසරක සිරදඩුවම්

සංචාරක වීසා මගින් මෙරට කම්කරු රැකියාවේ නිරතව සිටියදි අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් 14 දෙනෙකුට වසරක අනිවාර්ය සිරදඩුවමක් නියම කර තිබෙනවා.

ඊට අමතරව එක් අයෙකුට රුපියල් 50,000 බැගින්වු දඩ මුදලක් නියමකර ඇති අතර එම දඩ මුදල් නොගෙවන්නේ නම් වසරක අනිවාර්ය සිරදඩුවම තවත් මාස 06කින් දීර්ඝ කිරීමටයි නියම කර ඇත්තේ.

ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණළුවෙල මහතා විසින් අදාල නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරමින් වැඩිදුරටත් කියා සිටියේ, සිරදඩුවම ගෙවීයාමෙන් පසු මොවුන් 14 දෙනා මෙරටින් පිටුවහල් කරන ලෙසයි.

මෙසේ දඩ මුදල් සහ අනිවාර්ය සිරදඩුවම් නියම වුයේ, සංචාරක වීසා ලබාගෙන එම කොන්දේසි උල්ලංඝනය කරමින් ගාල්ල, දඩැල්ල ප්‍රදේශයේ ගොඩනැගිල්ලක කම්කරුවන් ලෙස කටයුතු කළ චීන ජාතිකයින් 14 දෙනෙකුටයි.

Related posts

මත්පැන් මිල වැඩිවේ

colombotoday

කෝටි 42ක හෙරොයින් තොගයක් සොයා ගනී

colombotoday

වැලිකන්ද මුතුවැල්ලේ දී බසයක් පෙරැලී 30ක් රෝහලේ…

Admin

තිසාවැව, නිරාවිය මුස්ලිම් පල්ලියේ මවුලවිවරයෙක් අත්අඩංගුවට

colombotoday

පෙට්‍රල් නැවක් අද රෑ එයි

colombotoday

කොළඹට ඇතුළුවන බේස්ලයින් පාර තාවකාලිකව වැසේ

colombotoday