Colombo Today Local News

“ෂාෆිගේ සැත්කමෙන් පසු අපට දරුවන් නෑ…” – සිංහල අම්මලා 460කගෙන් පැමිණිළි…

වෛද්‍ය ෂාෆි ෂෙහාබ්දීන් විසින් සිදුකරන ලද සිසේරියන් සැත්කම්වලින් පසු වඳ භාවයට පත් වූයේ යෑයි සැක බව කියන මවුවරුන් 460 දෙනකු ඊයේ (31 වැනිදා) වන විට එම වෛද්‍යවරයාට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කර ඇත.

කුරුණෑගල රෝහල වෙත ඊයේ දිනයේ පමණක්‌ පැමිණිලි 85 ක්‌ ලැබී තිබිණි. මේ අතර මොරගහහේන පොලිසිය වෙත පෙරේදා (30 වැනිදා) පැමිණිල්ලක්‌ ඉදිරිපත් කළ මංගලා ප්‍රියදර්ශනී නමැති එක්‌දරු මව පවසා ඇත්තේ වෛද්‍ය ෂාෆි විසින් 2013 වර්ෂයේදී දඹුල්ල රෝහලේදී තමන්ට කළ සිසේරියන් සැත්කමින් පසු දරු පිළිසිඳ ගැනීමක්‌ සිදු නොවූ බවයි.

මේ අතර දඹුල්ල රෝහල වෙත ද වෛද්‍ය ෂාෆි ෂෙහාබ්ඩීන්ට එරෙහිව පැමිණිලි දහතුනක්‌ ඊයේ වන විට ලැබී තිබිණි.

දිවයින

Related posts

හිටපු ජනපතිගේ හමුදා ආරක්ෂාව ඉවත් කළාට රට පුරා උද්‍ඝෝෂණ මාලාවක්

colombotoday

නව බන්ධනාගාරය ඉදිකිරීමට නියමිත හොරණ, මිල්ලෑව වතු යායට අයත් භූමිය ජනපතිගේ නිරීක්ෂණයට‍

colombotoday

ජාතික දුම්රිය කෞතුකාගාරය සහ දුම්රියේ ඉදිරි මග

colombotoday

අධිකරණ තීන්දුවලට ගරු කරනවා – නාමල් කියයි

Admin

මාවුස්සාකැලේ,කාසල්රී ජලාශ පිටාර මට්ටමට

colombotoday

රංජිත්-රන්ජන්-රාජිත ඇතුළු හිටපු රජයේ මැති ඇමතිවරුන් ඇතුළු 7කට සිතාසි

colombotoday