Colombo Today Local News

ශ්‍රී ලංකාව යෝජනා කරන දේශිය යාන්ත්‍රණය මානව හිමිකම් කොමසාරිස්වරිය ප්‍රතික්ෂේප කරයි

මානව හිමිකම් උල්ලංගනය කිරිම් පිළිබදව ඉදිරිපත්ව ඇති චෝදනා සම්බන්ධයෙන් ක්‍රීයාත්මක වීමට ශ්‍රී ලංකාව විසින් යෝජනා කර ඇති දේශිය යාතනත්්‍රණය ප්‍රතික්ෂේප කරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස් මිෂෙල් බැචලට් ප්‍රකාශ කළාය. ඇය මේ බව ප්‍රකාශ කළේ කොමිසමේ 43 වන සැසිය මීට සුලු මොහොතකට පෙර අමතමින්.

මිානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව පිළිබදව සම්මත කරගත් 30 /1  ,34 /1  ,40 /1 යන යෝජනාවල සම අනුග්‍රාකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් වන බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධ ඊයේ සැසිය අමතමින් නිල වශයෙන් ප්‍රඛාශ කලේය එසේම කවුන්සිලය යොජනා කර ඇති මානව හිමිකම් හා වගවීම පිළිබද කරුණු විමර්ශනය සඳහා දේශිය ක්‍රියාවලියක් යෝජනා කරන බව ද ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ මෙම ස්ථාවරය පිළිබද වාචිකව අදහස් දක්වු මහ කොමසාරිස්වරිය වැඩිදුරටත් සඳහන් කළේ දෙමල හා මුස්ලිම් සුලු ජාතින් පිළිබද සිදුකෙරන අපහාස්තමක ප්‍රකාශ හමුවේ ඔවුන් අසීරුතාවට පත්කර ඇති බව පෙනී යන බවයි එසේම මෑත කාලිනව ප්‍රවනතාවක් ලෙස සිවිල් පරිපාලන කටයුතු සඳහා ආරක්ෂක අමාත්‍යංශය සහ විශ්‍රාමික හමුදා නිලදාරීන් යෙදවීමද කණගාටුවට කරුණක් බව ඇය ප්‍රකාශ කළා.

Related posts

හමුදාවට එරෙහිව බේගල් කියූ, එක්නැලිගොඩ බිරියට ඇමරිකාවෙන් සම්මානයක් !

colombotoday

යහපාලන ආණ්ඩුව යටගහපු අල්ලස් ෆයිල් 74 මෙන්න.. කොමිසමේ අධ්‍යක්ෂවරියත් හෙරක්?

colombotoday

පැන්ඩෝරා විමර්ශනයේ ප්‍රගතිය ජනපති ට දැනුම් දෙයි

colombotoday

ලක්ෂ 25කට විකුණන්න ගිය ගජමුතුව මාට්ටු

Admin

“ගිය ආණ්ඩුවෙන් ගත්ත ණය ගෙවන්න මේ ආණ්ඩුව ණය ගන්නවා කියන්නේ පට්ටපල් බොරුවක්” – හිටපු ජනපති

colombotoday

වන්නි මෙහෙයුමේ හමුදා ප්‍රධානීන් 5ක් CIDයට.. හමුදාවම අවුලේ !

colombotoday