Colombo Today Local News

ශරීර උණුසුම ඉහළ ගිහින්… ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක්

පරිසරය තුළ තිබෙන සුළං තත්ත්වයේ දුර්වලතා හේතුවෙන් ශරීර උණුසුම යම් ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙන බවත්, මෙම තත්ත්වයෙන් වැළකී සිටීමට හැකි තරම් ජලය පානය කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඉදිරි මාස දෙක පුරා ශරීරයේ උණුසුම් තත්ත්වය යම් මට්ටමකින් ඉහළ යා හැකි බවත්,අධික රස්නයක් දැනෙන අවස්ථාවලදී එළිමහනේ ගමන් කිරීමේදී යම් සැලකිල්ලක් දැක්වියයුතු බවත් එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ යඅධ්‍යක්‍ෂ මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කළේය.

මීට අමතරව හිරු එළියට නිරාවරණය වන ආකාරයට නවතා තිබෙන වාහනවල දීර්ඝ කාලයක් රැඳී නොසිටින ලෙසත්,කුඩා දරුවන් වාහන තුළ රඳවා යෑමෙන් වළකින ලෙසත් හෙතෙම පවසා සිටියේය.

Related posts

විපක්ෂ නායක කාර්යාලය තාවකාලිකව වැසෙයි

colombotoday

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකිවීමට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට දින නියම වෙයි

colombotoday

බදුල්ලේ නායයෑමේ අවදානමක්

Admin

දර්ගා ටවුමේ ඩෙංගු පරික්ෂාවට ගිය නිලධාරියෙකුට ප්‍රහාරයක්

colombotoday

“තරුණ භික්ෂූන් වහන්සේලා පෙරට ආ යුතුයි” – මහින්ද

colombotoday

“උද්ඝෝෂණ, වැඩවර්ජණ කරාට වැඩක් නෑ.. සයිටම් වහන්නේ නෑ“ – ඇමති කිරිඇල්ල

colombotoday