Colombo Today Local News

විධායක ජනාධිපතිධුරය අහෝසියට මහින්ද එකගයි…

විසි වැනි සංශෝධනය සම්බන්ධයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡා සාර්ථක බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කියා සිටී.

විසි වන සංශෝධනය සදහා ජනමතවිචාරණයක් අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බැවින් ඒ සදහා සහය දක්වන ලෙස මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටි බවද හෙතෙම කියා සිටී.

විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම සදහා ප්‍රතිපත්තිමය එකගතාවයක් තිබෙන බවත්, කෙසේ වුවත් ඡන්ද ක්‍රමය හා 13වන සංශෝධනය විධායක ජනාධිපතිධුරය සමග ගැටී පවතින බැවින් ඒ පිළිබදව සලකා තීරණයක් ගතයුතු යැයි විපක්ෂනායකවරයාගේ පාර්ශවයේ අදහස් වූ බවද හෙතෙම කියා සිටී.

ඊයේ පස්වරු 4 ට පමණ විපක්ෂ නායක කාර්යාලයේදී ආරම්භ කළ මෙම සාකච්ඡාව සඳහා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් එහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් හඳුන්නෙත්ති මහතා සහ විජිත හේරත් මහතාද එක්ව සිටියේය.

Related posts

නොබැදි විදේශ ප්‍රතිපත්තිය වෙනුවට අද ඇත්තේ ‘කරුදු පොලු‘ විදේශ ප්‍රතිපත්තියක්

colombotoday

බැදුම්කර වාර්තාවේ පිටු 103ක් අතුරුදන් !!

colombotoday

හෙද වෘත්තීය සමිති වර්ජනයක

colombotoday

2020 අවසන් වනතුරු GSP බදු සහනය ලබා දීමට ඇමරිකානු ජනපති ට්‍රම්ප් එකග වෙයි

colombotoday

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ගෙවීම් ගැන දැනුම්දීමක්

Admin

මොරටුව නගරාධිපති සමන්ලාල්ගේ නිවසට ගල් මුල් ප්‍රහාර..

colombotoday