Colombo Today Local News

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමේ කටයුතු සීමා කෙරේ

විදෙස් රටවල සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමේ කටයුතු සීමා කිරීමට පියවර ගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මෙරට තුළ මේ වන විට නව ආසාදිතයින් වාර්තා වීම හේතුවෙන් පවතින රෝහල් පහසුකම් මෙන්ම එම ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් නිරෝධායනයට ලක් කිරීම සඳහා පවතින ඉඩකඩ සීමාසහිත වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව සඳහන් වේ.

විදෙස්ගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් දින 14 ක කාලයක් අනිවාර්ය නිරෝධායනයට ලක් විය යුතු වේ.

මෙරට ආසාදිතයින් සංඛ්‍යාව ඉදිරියේදී තවදුරටත් ඉහළ යා හැකි තත්ත්වයක් පෙන්නුම් කරන බැවින් ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමේ කටයුතු සීමා කිරීමට තීරණය කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේය.

තවත් විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 57,000 කට අධික පිරිසක් මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ.

Related posts

තෙල් පෝලිමක සිටි අයෙක් මරුට

colombotoday

ක්‍රිකට් ක්‍රීඩාංගණය සඳහා තවමත් කැබිනට් අනුමැතිය හිමිවී නැ..

colombotoday

ඉන්ධන පිරවුම්හලක් ගිනිගනී.. නුවර පාර අවහිර වෙයි (Video)

colombotoday

යුධ අපරාධ චෝදනාවට ෆොන්සේකාගෙන් තල්ලුවක් ! හමුදාව රෝහලකට පහරදුන් බව දෙමළ රූපවාහිනියකට කියයි.

colombotoday

නායයෑමකින් නිවසක් යටවෙයි. තිදෙනෙක් මරුට

colombotoday

පෙට්‍රල් 20කින් ඩීසල් 7කින් මිල ඉහලට

colombotoday