Colombo Today Local News

විදුහල්පතිට වන්දි ගෙවන්න උතුරුමැද මහ ඇමැතිට නියෝග

උතුරු මැද පළාත් මහ ඇමති පේෂල ජයරත්න මහතා විසින් අනුරාධපුර නිවන්තකචේතිය මහා විද්‍යාලයේ පැවති උත්සවයකදී තමන්ව බුලත් අතක් දී නොපිළිගැනීම නිසා එම විදුහල්පතිවරයාට බැන වැදී , තර්ජනය කර ස්ථාන මාරු කිරීමෙන් එම විදුහල්පතිවරයා ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඊට වන්දි ලෙස රුපියල් ලක්ෂ දෙකහමාරක් එම විදුහල්පතිවරයාට ගෙවන ලෙසද අධිකරණය උතුරුමැද පළාත් මහ ඇමතිවරයාට අද (28) නියෝග කළේය.

රජයේ මුදලින් තවත් රුපියල් 50000 ක මුදලක් එම විදුහල්පතිවරයාට ගෙවන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග කළේය.

උතුරුමැද පළාත් මහ ඇමතිවරයා ගේ එම කක්‍රියාකලාපයට එරෙහිව නිවන්තකචේතිය විදුහලේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කළ කරැණාරත්න බණ්ඩාර මහතා විසින් ගොනු කළ පෙත්සම් විභාගය අවසන් කරමින් අධිකරණය මෙම තීන්දුව ලබා දෙන ලදී.

එසේම මාරු කර යැවු නිවන්තකචේතිය විදුහලේ විදුහල්පතිවරයා මාස දෙකක් ඇතුළත යළි එම තනතුරේම පිහිටුවන ලෙසටද ශ්‍රේෂ්ඨාධිකරණය අදාල බලධාරීන්ට නියෝග කරන ලදී.

ඊවා වනසුන්දර , සිසිර ද ආබෘ සහ නලින් පෙරේරා යන ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දෙන ලදී.

Related posts

IOC තෙල් ප්‍රවාහන රථ සියල්ලම සේවයට කැඳවයි

colombotoday

මැදවච්චියේ තවත් අලි මරණයක්… ගත වූ මාස අටට අලි මරණ 08ක් වාර්ථා වේ

colombotoday

11දා රට ඇරියා කියා කඩා බිඳගෙන කඩගානේ දුවන්න එපා. විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන ජනතාවගෙන් ඉල්ලයි

colombotoday

රනිල් සමග තවත් ආණ්ඩු කෙරුවාවල් බෑ – සන්ධානයේ තීරණය ඩිලාන් කියයි

colombotoday

අන්තවාදී මත පැතිරූ දෙදෙනෙක් අත්අඩංගුවට. එමීර් රාජ්‍යයෙන් මෙරටට පිටුවහල් කළ අයෙකුත් ඒ අතර

colombotoday

“දමිළ විනිසුරුවරුන් විශ්වාස නෑ.. යාපනේදී හමුදා නිලධාරීන් සිරගත කිරීම සැක සහිතයි“

colombotoday