Colombo Today Local News

විදුලි ඒකකයක් රු. 17ක් වැඩි මිලකට අරන්

හදිසි විදුලිය මිලදී ගැනීම්වලදී ඒකකයක් රුපියල් 36ක් විය යුතු බවට වන කැබිනට් මණ්ඩල, මහජන උපයෝගිතා කොමිෂන් සභා සහ විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල තීරණ නොසලකා විදුලිබල මණ්ඩලය පෞද්ගලික සමාගමකින් ඒකකයක් රුපියල් 53.36 බැගින් විදුලිය මිලදීගෙන තිබේ.

විදුලි සැපයුමේදී පවතින ඌනතාව මගහරවා ගැනීම සඳහා තාවකාලික හා කෙටිකාලීන විසඳුම් ලෙස රාජ්‍ය අංශය සතු මෙගා වොට් 130.9ක ධාරිතාවකින් යුත් ජනන යන්ත්‍ර හා විදුලි තොග ගැනුම්කරුවන් සතු මෙගා වොට් 1562.4ක ජනන යන්ත්‍ර උපයෝගි කරගනිමින් විදුලි මිලදී ගැනීම කළ යුතු බවට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත්තේ ඉකුත් වසරේ සැප්තැම්බර් මස 18 වැනිදා පැවති රැස්වීමේදීය. මේ සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේද අනුමැතිය හිමිවී තිබිණි. එමෙන්ම මෙම වසරේ මාර්තු මස 21 වැනිදා පැවති විදුලිබල මණ්ඩල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වී‍මේදී ද තීරණය කර ඇත්තේ එදින සිට මෙම වසරේ සැප්තැම්බර් මස 21 වැනිදා කාලය සඳහා තොග ගැනුම්කරුවන්ගෙන් ඒකකයක් රුපියල් 36 බැගින් මිලදීගත යුතු බවය. ඒ අනුව එම මිලට විදුලිය මිලදීගත යුතු බවට විදුලිබල සාමාන්‍යාධිකාරීවරයාටද දැනුම් දෙනු ලැබ තිබිණි.

විදුලිය බිඳ වැටීමකදී ජනන යන්ත්‍ර ස්වයංක්‍රීයව ක්‍රියා කිරීමට අවශ්‍ය උපකරණ රාජ්‍ය අංශය සතු ජනන යන්ත්‍රවලට සවිකළ යුතු බවට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබූ නමුත් මේ දක්වා එම උපකරණ හෝ සවි කිරීමට මණ්ඩලය කටයුතු කර නැත.

සියලු තීරණ හා දැනුම්දීම් නොසලකා මණ්ඩලය ඒකකයක් රුපියල් 53.36 බැගින් විදුලිය මිලදී ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට විගණන පරීක්ෂණයක්ද ආරම්භ කර ඇත.

Related posts

බදියුදීන් විමල්ට අභියෝග කරයි… කීර්ති නාමයට හානි කළැයි කෝටි 100ක වන්දියකුත් ඉල්ලයි

colombotoday

ආපදා සේවයේ යෙදී සිටි ගුවන් හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටෙයි !

colombotoday

බීමත් ඉන්දීය ජාතිකයා බුදුපිළිම කිහිපයක සිරස කඩා දමලා

colombotoday

කතරගම කඩවර දේවාලයේ ශිතකරණයේ මුවමස්.. කපුවා අධිකරණයට

colombotoday

නිල සංචාරයකට අගමැති චීනයට

Admin

මුස්ලිම් නායකයන් රටට විහිළු සපයලා ත්‍රස්තවාදීන්ට අනුබල දෙන්න එපා – මොහොමඩ් මුසම්මිල් ඉල්ලයි

colombotoday