Colombo Today Sports News

වාර්තාවක් ද තබමින් දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 354ක් රැස් කරයි

දේශීය පළමු පෙළ තරග ඉතිහාසයේදී පිතිකරුවෙකු රැස් කළ වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කිරිමට දිනේෂ් චන්දිමාල් අද සමත්වුණා.

යුධ හමුදා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දිනේෂ් චන්දිමාල් විසින් සැරසන්ස් කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු 354ක් රැස් කරගනු ලැබුවා.

චන්දිමාල් ගේ මෙම ඉනිමට පන්දු 391ක් වැයවූ අතර එහිදී ඔහු හතරේ පහරවල් 33ක් හා හයේ පහරවල් 09ක් එල්ල කරනු ලැබුවා.

මෙහිදී ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම සිය පළමු ඉණිම කඩුලු 8ක් දැවී ලකුණු 642ක් ලබා සිටියදී අත්හිටුවීමට පියවර ගත්තා.

පළමු ඉණිම සඳහා පිතිකරණයට පිවිසි සැරසන්ස් කණ්ඩායම මේ වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 18ක් ලබා ගෙන සිටියි.

Related posts

කාසියේ වාසිය ඔස්ට්‍රේලියාවට

Admin

ස්කොට්ලන්තය පරදා ඔස්ට්‍රේලියාව අවසන් පුර්ව තරගයට සුදුසුකම් ලබයි.

colombotoday

අයි.සී.සී. සභාපති ධුරයට ගංගුලි සුදුසු බව සංගක්කාර කියයි

colombotoday

එළැඹෙන ජනවාරියේ සිට වනිඳු යළිත් පිටියට

Admin

ආසියානු කුසලානය රැගෙන ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

colombotoday

විරාත් කෝලිට සම්මාන දෙකක්

colombotoday