Colombo Today Local News

ව්‍යාජ 5000 නෝට්ටු 39ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

ව්‍යාජ මුදල් නෝට්ටු සමග පුද්ගලයෙකු උඩුදුම්බර නිසාරුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

උඩුදුම්බර පොලිස් ස්ථානයේ නිළධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේය.

එහිදී සැකකරු සතුව තිබී රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 39ක් සහ මුද්‍රණය සඳහා උපයෝගිකර ගන්නා තාක්ෂණික උපකරණ කිහිපයක් පොලීසිය භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු 39 හැවිරිදි උඩුදුම්බර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

ශ්‍රී ලාංකීය තබ්ලික් ජමාත් අනුගාමිකයින් 33 ක් ඉන්දීය අසාදු ලේකනයට

colombotoday

පුරාවිද්‍ය උපදේශන සභාවේ 40වසරක් දැරූ තනතුරෙන් එල්ලාවල මේධානන්ද හිමියන් ඉවත් කරයි !

colombotoday

රනිල් එක්ක මහින්ද ආපහු එනවා

colombotoday

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නගා සිටුවීමට ණය ඇපකර ලබාදීම වසර අවසානයේ…

Admin

රාජිත නිදොස්කොට නිදහස්

Admin

පොහොය දිනවල උපකාරක පංති නවතයි

colombotoday