World

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් චීනයට අනතුරු අගවයි

කොරෝනා වෛරස ව්‍යාප්තිය පිළිබඳව චීනය වඩාත් සැලකිලිමත් විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ.

චීනයේ බීජිං නුවරින් යළිත් වරක් කොරෝනා ආසාදිතයින් වාර්තාවීමත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

ඊයේ (15) දිනයේ දී බීජිං නුවරින් නව කොවිඩ් ආසාදිතයින් 27 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අනුව ගත වු දින පහක කාලය තුළ බීජිං නගරයෙන් කොවිඩ් ආසාදිතයින් 106 දෙනෙකු හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි.

වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මේ වන විට බීජිං නුවර ප්‍රදේශ කිහිපයක සංචරණ කටයුතු සීමා කිරීමට ද බලධාරීන් පියවර ගෙන තිබේ.

Related posts

මෙක්සිකෝවේ කොවිඩ් නයින්ටීන් මරණ සංඛ්‍යාව 30000 ඉක්මවයි

colombotoday

රුසියානු ගුවන් යානය දරුවන් 17ක් ඇතුළු මගින් 217ක් සමග සම්පුර්ණයෙන්ම විනාශයි

colombotoday

ගුවනේ යා හැකි මෝටර් රථයේ පළමු ගමන සාර්ථකව නිමකයි

colombotoday

ඉන්දුනීසියාවේ බස් රථ අනතුරකින් 27ක් මරුට

colombotoday

සජිත් ප්‍රේමදාස අනුමත කෙරූ “ක්ලෝරෝක්වින්” ඖෂධය නයිජීරියානුවන්ට විෂ වේ.

colombotoday

එක්සත් රාජධානියට ත්‍රස්ත ප්‍රහාරයක්. – ඉලක්කය දේව මෙහෙයක් බවට සැක. – රියදුරෙකුගේ අවධානය මහා විනාශයක් වලක්වයි.

colombotoday