Colombo Today Local News

ලක්මැදුර හෝටලයේ වෙඩි තැබීමට සම්බන්ධ බව කියන කතක් හෙරොයින් සමඟ අත්අඩංගුවට

සොයිසාපුර  ලක්මැදුර හෝටලයේ  සිදු වූ වෙඩි තැබීම  සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
 
එම වෙඩිතැබීම මෙහෙයවන ලදැයි කියන දැනට විදේශගත වී සිටින පාතාල සාමාජිකයකු වන එල්ලාවල ලියනගේ ධර්මසිරි පෙරේරා හෙවත් ධර්මේ යන අය සමඟ  මෙම කාන්තාව දුරකතනය හරහා සම්බන්ධතා පැවැත්වූ බවට තොරතුරු අනාවරණය වී  ඇත.
 
පොලිස් විශේෂ කාර්ය බළකායේ බෞද්ධාලෝක මාවතේ කඳවුරේ පොලිස් සැරයන් ජයසේකර  නැමැති නිලධාරියා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන  ඇත.
 
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී  ඇය සන්තකයේ තිබී  හොරොයි මිලිග්‍රෑම් 5450 ක්  සහ ජංගම දුරකතනයද විශේෂකාර්ය බළකා නිලධාරීන්ගේ බාරයට ගෙන තිබේ.

හොරායින් ජාවාරමේ නියැලෙන කාන්තාවක් සම්බන්ධයෙන් ලැබුණු විශේෂ තොරතුරක් මත රත්මලාන ධර්මාරාම පාරේ නිවසක් පරීක්ෂා කිරීමේදී හොරොයින් සමඟ මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.
 
අත්අඩංගුවට ගත් මෙම කාන්තාව පාතාල සාමාජිකයකු වන එල්ලාවල ලියනගේ ධර්මසිරි පෙරේරා හෙවත් ධර්මේ යන අය සමඟ දුරකතන හරහා සම්බන්ධ වෙමින්  හෙරොයින් ජාවාරමක් සිදු කරගෙන ගොස් ඇතැයිද  පරික්ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.
 
සැකකාරිය ගල්කිස්ස  පොලීසියට බාරදී ඇති අතර  අද (05)  ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

අර්බුදය හමුවේ සීසර්ලාත් වැඩට බහී

colombotoday

සිරකරුවන් 101ට හෙට නිවාස නිවාඩු

colombotoday

ශරීයා මූල්‍යකරණය නීතිගත කරන්න මුස්ලිම් ඇමති පිරිසකට සෞදියෙන් ඩොලර් මිලියනයක අල්ලසක් !

colombotoday

ඉන්දියාවෙන් තෙල් නැවක් අද එනවා – අගමැති

colombotoday

වෙරළබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Admin

“ජාත්‍යන්තර යුද අධිකරණයක් ලංකාවට ඕනමයි” – හුසේන්ගෙන් දැඩි තීරණයක් !

colombotoday