Colombo Today Local News

ලංගම විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් අය-වැයෙන් එළියට…

අය – වැයෙන් ණය සහන මත පෞද්ගලික බස් රථ 1,000ක් දෙන්නේ නම් ලංගමයටද බස් රථ 1,000ක් ලබා දිය යුතු බව සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය රජයට අවධාරණය කරයි. 

එම සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ ප්‍රකාශ කෙළේ, මෙවර අය – වැය තුළින් ලංගමයට බස් රථ 250ක් පමණක් ලබා දීමට කර ඇති යෝජනාවෙන් පෙන්නුම් කරන්නේ ලංගමය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බවය.

රට තුළ පෞද්ගලික බස් රථ 25,000ක් ඇති නමුත් ලංගමය සතුව ඇත්තේ බස් රථ 5,000කටත් අඩු ප්‍රමාණයක් බවත් ලංගමයේ බස් රථ ඇණිය 25,000 දක්වා වර්ධනය වන තෙක් කිසිදු පෞද්ගලික බස් රථ හිමියකුට අලුතින් මගී ප්‍රවාහන බලපත්‍ර නිකුත් නොකරන ලෙස තම සංගමය දිගින් දිගටම ඉල්ලීම් කළ බවත් ඒ මහතා පැවැසීය. 

එමෙන්ම 2019 අය – වැය තුළින් ලංගමයට මිලියන 34,000ක මූල්‍ය ප්‍රතිපාදන ප්‍රවාහන අමාත්‍යාංශය යටතේම ලබාදෙන ලෙසද මීට පෙර ජනාධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කළ බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 

Related posts

අද දිනයේදී හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 135 දක්වා ඉහලට. මුළු ආසාදිත සංඛ්‍යාව 1317 දක්වා ඉහලට.

colombotoday

අද රත්තරන් මිල අඩුයි

Admin

දුප්පත් පවුලකට සජිත්ගෙන් රු.20000ක දීමනාවක්

Admin

නිදහස් දිනය වෙනුවෙන් ජනපති අද ජාතිය අමතයි

Admin

20 සම්මත කරන්න ඡන්දේ දෙන අයටත් ඇමතිධුර ?

colombotoday

“ජාතික නායකයා“ යැයි සදහන් කරමින් යාපනේ, ප්‍රභාකරන්ගේ පොස්ටර් ඇලවෙයි !

colombotoday