Colombo Today Local News

ලංකාවේ ව්‍යවස්‌ථාව වෙනස්‌ කරන්න නෝර්වේ මැදිහත් වෙයි ! උපදෙස් දෙන්න නෝර්වීජියානුවෙක් හෙට දිවයිනට එයි

srilanka

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හා මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අවශ්‍ය ව්‍යවස්‌ථාමය වෙනස්‌කම් කිරීම සඳහා විදේශ විශේෂඥ සහාය ලබා ගැනීමට රජය තීරණය කර තිබේ.

මේ සඳහා නෝර්වේ ඇතුළු රටවල් කිහිපයක විශේෂඥයන් පිරිසකට රජය ආරාධනා කර ඇති අතර ඒ අනුව නෝර්වේ රාජ්‍යයේ විශේෂඥයකු හෙට (7 දා) මෙරටට පැමිණීමට නියමිතය.

මෙම ව්‍යවස්‌ථාමය වෙනස්‌කම් සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කර ඇති කැබිනට්‌ අනුකාරක සභාවට මෙම විදෙස්‌ විශේෂඥ යෝජනා ලබාගෙන වඩාත් සුදුසු යෝජනා රැගෙන රජයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව කැබිනට්‌ අනුකමිටුවේ සාමාජිකයකු වන ඇමැතිවරයෙක්‌ ‘දිවයින’ ඉරිදා සංග්‍රහය’ට පවසා ඇත.

මැතිවරණ ක්‍රමය වෙනස්‌ කිරීමේදී මනාප ක්‍රමය අහෝසි කිරීම, කොට්‌ඨාස මිශ්‍ර ක්‍රමය ඇති කිරීම හා සුළු පක්‍ෂවලට අසාධාරණයක්‌ ඇති නොවන පරිදි කටයුතු කිරීමට අවශ්‍ය නිර්දේශ හා උපදෙස්‌ ද මෙම කමිටුවට විදෙස්‌ විශේෂඥයන් විසින් ඉදිරිපත් කරන බවද ඇමැතිවරයා කීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් යුත් කැබිනට්‌ අනුකාරක කමිටුවට නිමල් සිරිපාල ද සිල්වා, ලක්‍ෂ්මන් කිරිඇල්ල, රවුෆ් හකීම්, සුසිල් ප්‍රේමජයන්ත, රිෂාඩ් බදියුදීන්, පාඨලී චම්පික, විඡේදාස රාජපක්‍ෂ, ඩී. එම්. ස්‌වාමිනාදන්, මනෝ ගනේෂන් හා මලික්‌ සමරවික්‍රම යන ඇමැතිවරු සාමාජිකයන් ලෙස පත්කර ඇත.

Related posts

ලංකාවට එරෙහි ජිනීවා යෝජනාවට සහාය දුන් තානාපතිනිය ගෙදර යයි: ඩයස්‌පෝරාව සහ අල් හුසේන් අර්බුදයක

colombotoday

සියලු කලාකරුවන් වෙනුවෙන් නොමිලේ රක්ෂණාවරණයක්

colombotoday

පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනයට සැලසුම්

colombotoday

දොළ පිදේණි ලෑස්තියි… ෆෙඩරල් ව්‍යවස්ථාවට අත් උස්සන එක් ශ්‍රීලනිප මන්ත්‍රීවරයෙකුට රු මිලියන 400ක්…

colombotoday

ජනපතිට ‘අතිගරු’ නැහැ.. කොඩියත් අහෝසියි – වැඩ බලන ජනපති වැඩ අල්ලයි

colombotoday

අගරු චෙක්පත් නිකුත් කල ‘හාල් සමීර’ අත්අඩංගුවට

colombotoday