Colombo Today Local News

ලංකාවට ශක්තිමත් එක් නීතියක් අවශ්‍යයි – ඇමති චම්පික රණවක කියයි

ශ්‍රී ලංකාව කඩිනම් ශක්තිමත් එක නීතියක් යටතට පත්විය යුතු බව අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

කැස්බෑව සම්බන්ධීකරණ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.

“පාර්ලිමේන්තුවේ නීතිරීති 13ක් ගැන සාකච්ඡා වෙනවා. නමුත් ජනතාව බලාපොරොත්තු වෙන්නේ හැකි ඉක්මනින් එම නීතිරීති සම්මත කරලා ජනතාවගේ සිත්සතන් තුළ තිබෙන බිය සැක, ජනතාව තුළ ඇතිවෙලා තියෙන නොයෙක් දෙනා සැක කරන මේ ක‍්‍රියාවලිය, ආතතිය දුරු කරයි කියලා.

මේ රටට නීති සම්ප‍්‍රදායන් අතිවිශාල ප‍්‍රමාණයක් පවත්වාගෙන යන්න බෑ. රටත් ඉදිරියට ගෙනයන්න ප‍්‍රධාන අවශ්‍යතාවයක් තමයි කඩිනම්, ශක්තිමත්, මධ්‍යගත තනි එක නීතියක් පැවතීම. හැම කෙනාටම තම තමන්ගේ ආගමික ඇදහිලිවලට අනුව තම තමන් ජීවත්වන ප‍්‍රදේශවලට අනුව වෙන වෙනම ප‍්‍රධාන නීති පවත්වාගෙන ගියහොත් රටක් ඉදිරියට යන්නේ නෑ.

සමහර රටවල් එකම දේශගුණික තත්ත්ව තියාගෙන එකම කාලගුණික තත්ත්ව තියාගෙන සමහරවිට එකම ජනතාවක් ජීවත්වන අතරේ වෙන වෙනස් විදිහට දියුණුව ළඟාකරගෙන තියෙන්නේ හරිහමන් නීති පද්ධති නැති නිසා.”

Related posts

මැතිවරණ පරාජයෙන් පසු සජිත් ජාතිය අමතයි!

Admin

විදුලි බල මණ්ඩලයට වාරණ නියෝගයක්

colombotoday

නීතිඥ සංගමයේ අයථා මුදල් පරිහරණය ගැන විමර්ශන ඇරැඹෙයි

Admin

යෝෂිතගේ ඩේසි ආච්චිට අධිකරණයෙන් අද දුන් නියෝගය !

colombotoday

නැවත ඇමතිකම බාරගන්නැයි ඉල්ලා කබීර්ගේ අනුගාමිකයෝ උද්ඝෝෂණයක… උද්ඝෝෂණයට කබීරුත් එයි…

colombotoday

ලංකාවට යුද අධිකරණ ඉල්ලන කැනඩාව කොටි අවි ප්‍රවාහන ජාලයේ ප්‍රධානියාට දේශපාලන රැකවරණ දෙයි!

colombotoday