Colombo Today Local News

රොහින්ග්‍යා සංක්‍රමණිකයන් බූස්ස කඳවුරට !

ගල්කිස්ස මහල් නිවාස සංකීර්ණයක රැදී සිටියදී ඊයේ හමුවූ රොහින්ග්‍යා ජාතිකයන් 30 දෙනා බූස්ස හමුදා කදවුරට යොමු කර ඇතැයි වාර්තා වේ.

භික්ෂුන් වහන්සේ ඇතුළු පිරිසක් ඊයෙ එම ස්ථානය වැටලීමත් සමග එම ස්ථානයේ උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය. අදාළ සංක්‍රමණික පිරිසගේ ආරක්ෂාව සදහා ඔවුන් පොලිස් භාරයට ගැණුනු අතර, ඉන් පසු බූස්ස කදවුරට යොමු කිරීමට තීරණය කර තිබේ.

මෙම පිරිස පසුගිය අප්‍රේල් මාසයේ නීතිවිරෝධීව මෙරටට ඇතුළුවීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට පත්වුණු අතර අධිකරණ නියෝගයකට අනුව ඔවන් එක්සත් ජාතීන්ගේ සරණාගත කාර්යාලය භාරයට පත් කෙරිණි. මිරිහාන රැදවුම් කදවුරට යොමු කළ එම පිරිස රාජ්‍ය නොවන සංවිධානයක මැදිහත්වීමෙන් ගල්කිස්ස ප්‍රදේශයේ මහල් නිවාසයක පදිංචිකර තිබිණි.

Related posts

ත්‍රිකෝණමඩු විනාශයට දැඩි ක්‍රියාමර්ග ගන්නවා – මහින්ද අමරවීර

Admin

මල්වාන සුවිසල් නිවසේ නඩුවෙන් බැසිල් රාජපක්ෂ නිදොස් කොට නිදහස්

colombotoday

අමත්‍යදුරයෙන් පහකෙරුණු විජේදාස රාජපක්ෂ දිවුරුම් දෙයි

colombotoday

තනි රෝදයෙන් යතුරුපැදි දාවනය කල තරුණයන් හයක් අල්ලයි

colombotoday

රාජ්‍ය අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු පත් කරමින් ගැසට් නිවේදනයක්

colombotoday

ජනපතිගෙන් ජපානය ට ඇරයුමක්

Admin