Colombo Today Local News

රිෂාඩ් බදුර්දීන් අත්අඩංගුවට ගන්න වරෙන්තු අවශ්‍ය නෑ. වරෙන්තු නිකුත්කිරීම ප්‍රතික්ෂේප කරමින් කොටුව මහේස්ත්‍රාත් කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ව හට එල්ල වී ඇති චෝදනා වලට අනුව ඔහු අත් අඩංගුවට ගැනීමට වරෙන්තුවක් අනවශ්‍ය බව අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී තිබේ.

මහජන මුදල් අවභාවිත කරමින් සහ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පසුගිය ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවතැන්වූවන් ප්‍රවාහනය කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ යෙදවීමේ චෝදනා මත පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු ලබාගන්නා ලෙස වැඩබලන පොලිස්පතිවරයාට නීතිපතිවරයා විසින් උපදෙස් ලබාදී තිබුනි.

එම උපදෙස් මත මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ව සහ තවත් දෙදෙනෙක්ව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන මෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 13 සඳුදා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ දැනුම් දුන්නේ සැකකරුවන්ට එරෙහිව ඉදිරිපත්ව ඇත්තේ අධිකරණ වරෙන්තුවකින් තොරව අත්අඩංගුවට ගත හැකි වැරදි සම්බන්ධ චෝදනා බවයි.

ඒ අනුව ක්‍රියා කර ලබන 27 වනදා අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කර තිබේ.

Related posts

විහිළු සහගත සිහින සහිත මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කළා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ විරෝධය

colombotoday

චීන දූත පිරිසට PCR පමණයි.. නිරෝධායනය කරන්න බෑ ඔවුන් චීනයේ බලවත් පිරිසක් – සෞඛ්‍ය ඇමතිනී පාර්ලිමේන්තුවේදී කියයි

colombotoday

ලංකාවේ ප්‍රගතිය ගැන අල් හුසේන් සතුටින් !

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් ආගමික අන්තවාදයට බිළිවෙයි… චර්ච් එකට නොගියොත් ට්ම් එකේ තැනක් නෑ – ප්‍රබල චෝදනාවක්..

colombotoday

සමහර ඇමතිවරුන්ට අමාත්‍යාංශ සින්නකරවම ලියලා දීලා – මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න

colombotoday

මළ සිරුරු භූමදාන කිරීමට සිතන්නවත් එපා – මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය කියයි

colombotoday