Colombo Today Local News

රියාජ් බදුර්දීන් අත්අඩංගුවට ගැනීම වලක්වන්න යැයි ඉල්ලු අතුරු තහනම අභියාචනාධිකරණයෙන් ප්‍රතික්ෂේපයි

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් ගේ සොහොයුරා වන රියාජ් බදුර්දීන් යළි අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.

මෙම පෙත්සම සම්බන්ධයෙන් නියෝගය විනිසුරු මහින්ද සමයවර්ධන මහතා සහ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා විසින් නිකුත් කරන ලදී.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් යළි අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට රියාජ් බදුර්දීන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබුණා.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙසට වැඩබලන පොලිස්පති සි.ඩි. වික්‍රමරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමා මේ වසරේ අප්‍රේල් මස 14 දින අත්අඩංගුවට ගෙන මාස පහකට අධික කාලයක් රැදවුම්භාරයේ තබා ප්‍රශ්න කළ බව පෙත්සම්කරු පවසා සිටියි. ඒ අනුව ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් තමාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති පදනම මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 29 දින මුදා හැරීමට කටයුතු කළ බවත් පෙත්සම්කරු පවසා සිටියි.

තමා අත්අඩංගුවට ගැනීම දේශපාලන හේතූන් මත මහමැති සොහොයුරාගේ දේශපාලන ගමනට බලපෑමක් කිරීමේ අරමුණින් සිදු වූ බව ඔහු පෙත්සමෙන් පවසා සිටින අතර සාක්ෂි නොමැති පදනම මත තමා මුදා හැරීමෙන් අනතුරුව විවිධ පාර්ශවයන් නැවත පදනම් විරහිත චෝදනා එල්ල කරමින් තමා අත් අඩංගුවට ගැනීමට ඉල්ලීම් කර ඇති බව පෙත්සම්කරු පවසා සිටියි.

මේ අතර රියාජ් බදියුදීන් ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභකරන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණය හමුවේ අතරමැදි පෙත්සමක් කාදිනල් මැල්කම් රංජිත් කාදිනල්තුමන් වෙනුවෙන් සෙත් සරණ ආයතනයේ අධ්‍යක්ෂ ලෝරන්ස් රාමනායක පියතුමා විසින් පෙත්සම ඉදිරිපත් කර සිටියා.

Related posts

දිල්රුක්ෂි ඩයස්ගේ වැඩ තහනම් කරයි !

colombotoday

බොරැල්ලේ සිරිසුමන හිමි රිමාන්ඩ්

Admin

පොහොට්ටුව පළාත්සභා මැතිවරණයට සූදානම්.. මහ ඇමති අපේක්ෂකයන්ගේ නම් යෝජනා වෙයි

colombotoday

විපක්ෂ කඳවුරට දර්ශනයක් අවශ්‍යයි. මළමිනී මතින් බලය ගන්න හිතනවානම් ඒ කඳවුරේ හිටගන්නේ නෑ – සජබ මන්ත්‍රී චමින්ද විජේසිරි

colombotoday

චිකන් කරියේ පණුවෝ.. පොලීසියත් උඩ බලන් ඉදලා.. මුදලාලි බලය පෙන්වන හැටි මෙන්න (Video)

colombotoday

සහරාන් කල්ලියේ සන්නද්ධ අංශ නායකයා මෙරටට රැගෙන ඒමේ සුදානමක්

colombotoday