Colombo Today Local News

රාජ්‍ය නිලධාරීන්ගේ නිල මුද්‍රා සමග අත්අඩංගුවට ගත් හිස්බුල්ලාගේ ආරක්ෂකයා ඇප මත නිදහස්….

රජයේ නිලධාරීන්ගේ නිල මුද්‍රා සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් නැගෙනහිර පළාත් වත්මන් ආණ්ඩුකාර එහි.එල්.ඒ.එම්.හිස්බුල්ලා මහතාගේ ආරක්ෂක නිලධාරියා ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෝදර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබූ මොහොමඩ් මන්සූර් මොහොමඩ් රිස්ලි යන සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය නියම කළේය.

මෝදර පොලීසිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාව මඟින් දක්වා ඇත්තේ මෝදර පොලිස් වසම තුළ පිහිටි මෙම සැකකරුගේ නිවෙස පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේදී එහි තිබී රජයේ නිලධාරින්ගේ මුද්‍රා කිහිපයක් හමුවී ඇති බවයි.

ඒ අතර පොලිස් අධිකාරී ප්‍රියන්ත විරසුරිය පොලිස් පරීක්ෂක මහින්ද සිල්වා යන අයගේ නිල මුද්‍රා හමුවී ඇතැයි ද පොලීසිය අධිකරණයට දැනුම් දී තිබුණි.

එම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය සැකකරු ඇප මත මුදාහැරීමට නියම කළ අතර පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් මේ මස 27 දා ඉදිරිපත් කරන්නයි නියම කළේය.

මෙම සැකකරු නැගෙනහිර අපත් මං ආණ්ඩුකාර හිස්බුල්ලා මහතාගේ ආරක්ෂක නිලධාරියෙකු බවට කරුණු හෙළිවී ඇති බවත් ඔහු ඇමති ආරක්ෂක අංශයේ සාමාජිකයෙකු බවට තොරතුරු හෙළිවී ඇතැයි පොලීසිය සඳහන් කළේය.

Related posts

ඥානසාර හිමි වෙනුවෙන් නිර්මාණය වූ ගීතය… Download කර ගැනීම සඳහා පිවිසෙන්න…

colombotoday

කොන්ද කෙළින් තියාගන්න, අවුන් සාන් සුචී ආදර්ශයට ගන්නැයි ජනපති මෛත්‍රීෙගන් ඉල්ලයි…

colombotoday

විජේවීර පුත් උවිදු ගම්පහෙන් තරගබිමට !

colombotoday

සියලුම ආර්ථික මධ්‍යස්ථාන තවත් දින දෙකක් ඇරෙයි

colombotoday

ජනතාව වෙනුවෙන් වැඩකිරීම නිසා ඉල්ලා අස්වූ මධ්‍යම ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න

colombotoday

මෙරට එන්නත ලබාගත් අයගේ තොරතුරු WHO දත්ත පද්ධතියට

colombotoday