Colombo Today Local News

රනිල් අගමැතිකමෙන් ඉවත් නොකිරීම නිසා රටට වෙන දේට ජනපති වගකිව යුතුයි

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් නොකිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වගකිව යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කර රටට වැඩක් කළ හැකි අගමැතිවරයෙක් පත්කරන ලෙස වර්ථමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේන් ඉල්ලා සිටින බව ද ඩිලාන් පෙරේරා මහතා පවසයි.

පවතින ආණ්ඩුව විසින් කිසිදු වැඩක් සිදු නොකළ බවට රටේ ජනතාව සැම විටම පවසන බව හිටපු අමාත්‍යවරයා ඒ සඳහා වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් වගකිව යුතු බවත් එලෙස වගකිව යුත්තේ වර්තමාන අගමැතිවරයා ඉවත් නොකිරීම නිසා බව පැවසු ඩිලාන් පෙරේරා මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස සිටින විටදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා වශයෙන් පත් කළ හොත් මහින්ද රාජපක්ෂ මහතා ජාතිවාදීන් හට අත්අඩංගුවට ගත නොහැකි බවද පැවසීය.

ඔහු මෙම අදහස් පලකළේ වව්නියාවේදී පැවති උත්සවයකට එක්වෙමිනි.

Related posts

මිස්ටර් බදුර්දීන් නම්බුව තියාගෙන දැන් යන්න – ඥානසාර හිමි

colombotoday

රජයේ ඖෂධවේදීන් දිවයිනපුරා සංකේත වැඩ වර්ජනයක

Admin

පුරාවිද්‍යා බලධාරීන්ගේ නොසැළකිල්ල නිසා දැයට අහිමිවන වසම්මලේ චිත්‍ර ලෙන් සංකීර්ණය (Photo)

colombotoday

තවත් වෙඩිල්ලකට බිලිවූ ජීවිතයක්

Admin

අපරාදයකට අරඇද්ද දෙකක් පොලිස් අත්අඩංගුවට

colombotoday

බලෙන් උපත් පාලනය කරවන දඹුල්ලේ වෛද්‍යවරිය ගැන සෞඛ්‍ය අමාත්යංශය විශේෂ පරීක්‍ෂණ

colombotoday