Colombo Today Local News

රනිල්ට සිතාසි

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලබන 25 වනදා දේශපාලන පලිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබේ.

මීට පෙර, එළඹෙන 21 වනදා ජනපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ද ඔහුට දැනුම් දී තිබුණි.

එදින රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින බවට වාර්තා වීමත් සමග ඔහුට නැවත සිතාසි නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව සඳහන් වේ.

මංගල සමරවීර, පාඨලී චම්පික රණවක, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ මලික් සමරවික්‍රම යන මහත්වරුන්ට ලබන 21 වනදා ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස මීට පෙර නිකුත් කළ සිතාසි එලෙසම ක්‍රියාත්මක වන බව සඳහන් වේ.

මීට අමතරව, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, එම්.ඒ. සුමන්තිරන්, අනුර කුමාර දිසානායක, නීතිඥ ජේ.සී වැලිඅමුණ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න යන මහත්වරුන් ද එදින එම කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතය.

ආර්ථික සංවර්ධන කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වන වෛද්‍ය නිහාල් ජයතිලක මහතා කොමිසමට කර තිබූ පැමිණිල්ලකට අදාළව මෙම පිරිසට සිතාසි නිකුත් කර ඇත.

Related posts

අරාබි බසින් ලියන ලද බැනර් සහ සැක කටයුතු තහඩු පුවරු 500 ක් හමුවෙයි..

colombotoday

ශ්‍යාමෝපාලි මහා නිකායේ ඌව පාර්ශවයේ මහා නායක අඹේවෙල පඤ්ඤාසාර මහා නා හිමි අපවත් වෙති.

colombotoday

කොටි මහවිරු සමරුවට අවසර දීම ගැන යහපාලන රජයට උතුරෙන් පැසසුම් !

colombotoday

මැතිවරණ කොමිසම පාර්ලිමේන්තුවට කැඳවීම නතර කළ යුතුයි – අනුර කුමාර දිසානායක

Admin

“විමුක්ති පුතා දේශපාලනයට එන්නේ නෑ.. මම ආපහු ආවෙත් විනාශවෙන රට බේරාගන්න” චන්ද්‍රිකා

colombotoday

අත්අඩංගුවට ගන්න හොයද්දී ලෙඩ වූ රාජිත සුව වී ගෙදර යයි…

colombotoday