Colombo Today Local News

රනිල්ට සහාය පළකළ යෝජනාව පිළිගන්නේ නෑ – කෙහෙළිය

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළකරමින් පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතවුවද, ඔහු අගමැතිවරයා ලෙස පිළි නොගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

ඒ මහතා මේ බව පවසා සිටියේ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ ඊ‌ෙයේ (12දා) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

පාර්ලිමේන්තුව අවභාවිතයට ගනිමින් කථානායකවරයා ඉදිරියේ  සම්මත වන යෝජනා ශූන්‍ය වන බවත්, අනීතික පාර්ලිමේන්තුව සම්බන්ධව මෙතෙක් කල් තම කණ්ඩායම ගත් ස්ථාවරයේ වෙනසක් නොමැති බවත් මන්ත්‍රීවරයා එහිදී පවසා සිටියේය.

එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ හෝ අරලියගහ මන්දිරයේ සම්මත වන යෝජනාවක් ලෙස මෙම යෝජනාව හැඳින්විය හැකි බවද ඒ මහතා පැවසීය.

Related posts

13 වැනි කොවිඩ් මරණය වාර්තා වෙයි. ආසන්නම හේතුව හෘදයාබාධයක්

colombotoday

අලුත්ගම ගැටුමේ වින්දිතයන්ට රජයෙන් වන්දි !

colombotoday

නොහැකියාව තනතුරුවලින් වසා ගන්න බෑ… එජාප නායකයා රනිල්මයි – වජිර සජිත්ට ටොකු අනී

colombotoday

කොරෝනා ව්‍යාප්තිය ගැන සමාජ මාධ්‍යවල අසත්‍ය ප්‍රචාර කළ තවත් හත්දෙනෙකු අත්අඩංගුවට

colombotoday

පුරාවිද්‍යාඥයින් මෙරට රාජ්‍ය ආයතන තුල ස්ථාන ගත කරන්න සූදානමක්

Admin

අරලියගහ මැදුරේ රාජිතගේ උත්සවයට ආ අයට රු. 350හේ පිළුණු කෑම දීලා !

colombotoday