Colombo Today Local News

රජයේ බැංකු නිලධාරීන්ට දෙන උපදෙස් ක්‍රියාත්මක නොකරයි නම් ඔවුන් ඉවත් කරනවා- ජනපති

ව්‍යාපාර සඳහා මෙන්ම ජනතාවගේ සුබසාධනය පිණිස රජය දෙන සහන බැංකු මගින් සමාජයට ගලා නොයෑම වහාම විසඳිය යුතු ගැටළුවක් බවත්, මහ බැංකුවේ හෝ රජයේ බැංකුවල නිලධාරීන් රජය දෙන උපදෙස් ක්‍රියාත්මක නොකරන්නේ නම් ඔවුන් ඉවත් කර වැඩකරන පිරිසත් සමග රටේ අවශ්‍යතාව ඉටුකිරීමට පසුබට නොවන බව ජනාධිපති ගෝඨාභය මහතා පවසයි.

අවපාතය ජය ගැනීමට සාම්ප්‍රාදයික චින්තනයෙන් හා වැඩ රටාවෙන් බැහැරව නොබියව තීරණ ගන්නා බව ද ජනාධිපතිවරයා කියා සිටියි.

රට යථා තත්වයට පත්වෙමින් තිබියදී ආර්ථික පුනර්ජීවනය සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළ පැහැදිළි කිරීමත්, අපනයන ව්‍යාපාර මුහුණදෙන ප්‍රශ්න හා ගැටළු හඳුනාගැනීමත් සඳහා ක්ෂේත්‍රයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් සමග අද (11)දින පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ හමුවේදී ජනාධිපතිවරයා එසේ සඳහන් කළේය.

අපනයන ක්ෂේත්‍රයේ ගැටළු සහ බාධක නිවැරදිව හඳුනාගෙන ඒවා නිරාකරණයට පූර්ණ සහාය දීමට රජය සූදානම් බව ද ජනාධිපතිවරයා එහිදී පැවසීය.

එසේම ඉතා කුඩා පරාසයක ඇති අපනයන ක්ෂේත්‍රය අන්තර්ජාතික වෙළෙඳපොළ ඉලක්ක කොට පුළුල් පරාසයකට රැගෙන ගොස් ප්‍රතිඵල පෙන්වීම අපනයකරුවන් ඉදිරියේ ඇති අභියෝගය බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙනු ලැබීය.

Related posts

ක්‍රිකට් අතුරු පාලක කමිටුවට අදාළ පෙත්සම් විභාගයෙන් තවත් විනිසුරුවරයෙක් ඉවත්වෙයි

Admin

කුණු කතා අවසන්.. ඝන අපද්‍රව්‍ය දහනයෙන් බලශක්තය නිපදවීම ඇරඹෙයි.

colombotoday

සී.ඩී වික්‍රමරත්න පොලිස්පති ධුරයේ වැඩ අරඹයි

colombotoday

IMF කොන්දේසි පාර්ලිමේන්තුවට ලබාදෙන්න – විපක්ෂ නායක

Admin

වාහන ආනයනයට අවසර දෙද්දී ප්‍රමුඛතාවයක් ලැබෙන වාහන ගැන ඇමති කබ්රාල් කියයි

colombotoday

අරලියගහ මන්දිරය ඉදිරිපිට උද්ඝෝෂණයක්

colombotoday