Colombo Today Local News

යෝෂිතගේ ඩේසි ආච්චිට අධිකරණයෙන් අද දුන් නියෝගය !

පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය හෙවත් FCID යට ප්‍රකාශයක් ලබාදෙන ලෙස යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස් ට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (22) නියෝග කළේය.

රු මිලියන 50ක් පමණ වටිනා දෙහිවල මිහිඳු මාවතේ පිහිටි නිවසක් සහිත ඉඩමක් යෝෂිත රාජපක්ෂ විසින් ඩේසි ෆොරස්ගේ නමට මිලට ගෙන ඇති බවට හා ඒ සඳහා මුදල් ලැබුනේ කෙසේද යන්න පොලිස් පරීක්ෂණ පැවැත්වේ.

FCID ය අධිකරණයට අද කියා සිටියේ තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙන බැවින් ඩේසි ෆොරස්ගෙන් ප්‍රකාශයක් ලබාගත යුතු බවයි. මෙතෙක් පරීක්ෂණ ප්‍රතිපළ නීතිපතිවරයා වෙත යැවූ බවත් ලැබෙන උපදෙස් මත ඉදිරි කටයුතු අධිකරණයට වාර්තා කරන බවත් ඔවුන් අධිකරණයට කියා කියා සිටියේය.

ඒ අනුව එතෙක් නඩුව බහා තැබීමට අධිකරණය තීරණය කළේය.

Related posts

ස්වයං නිරෝධායනය වෙමින් සිටි අයෙක් මිය යයි

colombotoday

මහින්දට තිබෙන දේශපාලන පෞරුෂත්වය ජනපති මෛතී‍්‍රට නැහැ – ආචාර්ය නිර්මල් රංජිත් දේවසිරි

colombotoday

ඉදිරි සතිය තීරණාත්මකයි.. ජනපති දැඩි තීරණ රැසක් ගන්න යයි !

colombotoday

සියලු පාසල්වල ප්‍රාථමික අංශ 25 සිට ඇරඹේ

colombotoday

ඉල්ලා අස්වූ හේතුව ප්‍රියංකර ජයරත්න හෙළි කරයි !

colombotoday

යූරියා මෙට්‍රික් ටොන් 20,000ක් රැගත් නෞකාවක් හෙට දිවයිනට

Admin