Colombo Today Local News

යුද හමුදාවේ නිලධාරීන් 514කට සහ සෙසු නිලයන් 14140කුත් උසස් කෙරේ

යුද හමුදාවේ නිලධාරීන් 514දෙනෙකුට සහ සෙසු නිලයන් 14,140දෙනෙකුට නිල උසස්වීම් ලබාදුන් බව යුද හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුද හමුදාවේ 71 වන සංවත්සරය සහ ඔක්තොම්බර් මස 10 වන දිනට යෙදි තිබෙන යුද හමුදා දිනය නිමිත්තෙන් සිය පණිවුඩය නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කළේය.

ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා  යුද හමුදාධිපති ධුරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව මේ දක්වා නිලධාරීන් 1984 දෙනෙකුට සහ සෙසුනිලයින් 41,910 දෙනෙකුට උසස්වීම් ලබාදී ඇත.

යුද හමුදාවේ සියලුම නිලයින්ගේ උපාය මාර්ගික හා තාක්‍ෂණික නිපුණත්වය තවදුරටත් ප්‍රවර්ධන කර ඉදිරි ගමනට ධනාත්මක ආකල්ප දියුණු කිරීමේ අරමුණින් තමා විසින් මෙම උසස්වීම් ලබා දුන් බව 71 වන යුද්ධ හමුදා සංවත්සරය නිමිත්තෙන් යුද හමුදාධිපතිවරයා නිකුත් කළ පණිවුඩයේ සඳහන් වේ.

Related posts

colombotoday

අක්ෂි කාච වංචාවක් ගැන සෞඛ්‍ය ලේකම්ට එරෙහිව පොලිස්පතිවරයාට සහ අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

Admin

විනිසුරුවරු අසුන් නොගනී – බදියුදීන්ට එරෙහි පෙත්සමේ තීන්දුව කල්යයි

colombotoday

ආණ්ඩුව හා අයි.එම්.එෆ් අතර සාකච්ඡාවල ඩෙඩ්ලොක් එකක් ?

Admin

යහපාලනය ගැන කලකිරුණු ප්‍රබල ඇමති 4ක් මහින්ද හමුවෙයි

colombotoday

බේරුවල මුහුදු ප්‍රදේශයේ භූචලනයක්

Admin