Colombo Today Local News

යාන්ත්‍රණය දේශීය වුවත්, 75% ක් ක්‍රියාත්මක වෙන්නේ අන්තර්ජාතික මැදිහත් වීමෙන් – විපක්ෂ නායකයා දෙමළ ජනතාවට කියයි.

80853_sambandan-1

ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී සම්මන කරගනු ලැබූ දේශීය යාන්ත්‍රණය පිළිබඳ දෙමළ ජනතාව කිසිදු බියක් ඇති කර නොගන්නැයි විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා පවසනවා.ඔහු සඳහන් කරන්නේ, එම පරීක්ෂණය මගින් දෙමළ ජනතාවට යම් සහනයක් සිදුවන බවයි.දේශීය යාන්ත්‍රණයක් වුවද, ඒ තුළ සියයට 75ක්ම අන්තර්ජාතික පරීක්ෂණයක ලක්ෂණ පවතින බවයි විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ.

උපුටා ගැනීම.

‘රුසියාව, චීනය, පාකිස්තානය වැනි ප්‍රබල විදේශීය රටවල් මේ වනවිට දේශීය යාන්ත්‍රණයකට කැමැත්ත පළ කරලා තියෙනවා.’
‘මේක දේශීය පරීක්ෂණයක් වුණාට, අන්තර්ජාතික මැදිහත් වීමක් ඊට අනිවාර්යයෙන්ම හිමිවෙනවා.’
‘ඒ නිසා දෙමළ ජනතාව අනිසි බියක් ඇති කර ගත යුතු නැහැ.’
‘විරෝධතා දක්වලා ආයුධ අතට ගැනීම දැන් තියෙන තත්ත්වයට කිසිසේත්ම ගැළපෙන්නේ නැහැ.’
‘ආයුධ අතට අරන් සටන් කරලා තමන්ට ඕන දේ ලබාගත්ත යුගය දැන් ඉවරයි.’
‘ඒවා අමතක කරලා සියලූ දෙනා පවතින නව යුගයට හවුල් වෙන්න ඕන.’

උපුටා ගැනීම අවසන්.

Related posts

තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට

colombotoday

අගමැති හදිසියේ රටින් පිටවෙයි

colombotoday

දේශීය ආදායම් පනත සංශෝධනයට යෝජනා

Admin

මෙවර ශිෂ්‍යත්ව විභාගය 15 වැනිදා

Admin

එජාප නව තනතුරුවට කෘත්‍යාධිකාරියේ අනුමැතිය.. විරෝධය දක්වා ජ්‍යෙෂ්ඨයා ඉවත්වෙයි…

colombotoday

අබිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් නිවසකින් හමුවෙයි

Admin