Colombo Today Local News

යහපාලන රජයේ හිතවත්කමට පත් කළ තානාපතිවරු 30 ක් ශ්‍රී ලංකාවට කැඳවයි

පසුගිය රජය විසින් තම පෞද්ගලික හිතවත්කම් මත රටවල් කිහිපයකට පත් කළ තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් සහ විදේශ සේවා නිලධාරීන් රැසක් එම ධුරවලින් ඉවත් කිරීමට වත්මන් රජය පියවර ගෙන ඇත.
 
ඒ අනුව තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් 30 දෙනකු ලබන වසරේ (2020) ශ‍්‍රී ලංකාවට කැඳවීමට විදේශ කටයුතු අමාත්‍යාංශය අවධානය යොමුකර තිබේ.
 
ඔවුන් අතර රුසියාවේ තානාපති ලෙස කටයුතු කරන දයාන් ජයතිලක, ඔස්ටේ‍්‍රලියාවේ මහ කොමසාරිස් ජේ. සී. වැලිඅමුණ, ඔස්ටේ‍්‍රලියාවේ කොන්සල් ජෙනරාල් ලාල් වික‍්‍රමතුංග, ඉන්දියාවේ මහ කොමසාරිස් ඔස්ටින් ප‍්‍රනාන්දු, නෝර්වේ තානාපති අරුෂා කුරේ යන මහත්ම මහත්මීන් ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
 
ලන්ඩන් නුවර ශ‍්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ඉහළ තනතුරක් දරන ඉන්දියාවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතාගේ බෑණාට ද, ඇමෙරිකාවේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ උසස් නිලයක් මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ බිරිඳ වන සොනාලි සමරසිංහ මහත්මියට ද ලබා දී ඇති අතර, ඔවුන් ද එම තනතුරුවලින් ඉවත් කිරීමට තීරණය කර ඇතැයි ද විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

කීර්ති වර්ණකුලසූරිය

Related posts

නීති විරෝධීව අපනයනයට සූදානම් කර තිබූ හක් බෙල්ලන් තොගයක් රේගු භාරයට

colombotoday

නාමල්ගේ ලේකම්වරිය කටුණායකදී අත්අඩංගුවට !

colombotoday

චමුදිතට එල්ලවූ අසූචි ප්‍රහාරය විපක්ෂ නායක හෙළා දකියි.

colombotoday

රට කාබාසිනියා කරන ආණ්ඩුවේ ආර්ථික ඔස්තාර්ලා කවුදැයි රවී හෙළිකරයි [Video]

colombotoday

14 අවසන් වීමට තිබූ ඇඳිරිනීතිය 16 දක්වා දීර්ඝ කෙරේ. නවතම නිවේදනය මෙන්න

colombotoday

දෙමළ සන්ධානය තීරණය අගමැතිට දැනුම් දෙයි.. සහයදීමටනම් කොන්දේසි දමයි !

colombotoday