Colombo Today Local News

මොරගහකන්ද ප්‍රධාන වේල්ලේ ජල කාන්දුවක්

මොරගහකන්ද ජලාශයේ ප්‍රධාන වේල්ලේ ඉහළින් දින කිහිපයක සිට ජල කාන්දුවක් පවතී. උපරිම ජල ධාරිතාව ලැබීමත් සමඟ ජලාශයේ ප්‍රධාන වේල්ලේ ඉහළ කෙළවරක ජල කාන්දුවක් හටගෙන තිබුණු බව සේවකයෝ හා ආරක්ෂක නිලධාරින් පාලක කාර්යාලයට දැනුම් දීමෙන් පසු පරීක්ෂණ සිදුකරමින් පවතී.

දින කිහිපයක සිට මේ දක්වාම ජල කාන්දුව නොනවත්වා සිදුවන අතර  ප්‍රධාන වේල්ල බාරව සිටින චීන ජාතික ඉංජිනේරුවරු යුහුසුළුව එම ජල කාන්දුව නවතාලීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටිති.

මෙම ජල කාන්දුව පිටතට නොපෙනෙන ආකාරයට කොළ පැහැති දැල් ආවරණයක් යොදා වසා දැමීමට චීන ජාතික සාමාගම කටයුතු කර ඇත.

ප්‍රධාන වේල්ලේ ආසන්නයට ගිය විට ජලය කාන්දු වන ආකාරය දැක ගැනීමට හැකිය.

මේ පිළිබඳව මොරගහකන්ද හා කළුගඟ ජලාශ බාර ව්‍යාපෘති අධ්‍යක්ෂ පී.බී. විජේරත්න මහතාගෙන් විමසීමේදී ඒ මහතා කියා සිටියේ ජල කාන්දුවක් පවතින නමුත් ජනතාව කිසිදු බියක් ඇති කරගත යුතු නොවන බවයි.

එහිදී ව්‍යාපෘති අධ්‍යක්ෂ පී .බී .විජේරත්න මහතා මෙසේ ද පැවසීය.

” බැම්ම උඩ මට්ටමේ සිට මීටරයක් පමණ වතුර පිරිගෙන එනකොට යට පැත්තෙන් තමයි කාන්දුව දැක්කෙ . මේ බැම්ම හදලා තියෙන්නේ මීටර් 25න් 25 ට බ්ලොක් එකතු කරලා ඒවා ඉදිරියට දාලා තියෙනවා වතුර බාර්. ඒ  එකක පොඩි කාන්දුවක් ඇවිල්ලා වතුර මතුවෙන්න ආවා .

ඒ අවසාන මීටරේ පිරෙන අතරතුර. ඒක සාමාන්‍ය දෙයක්. 

නමුත් මේ බැම්මේ අධීක්ෂණ කටයුතු තවමත් චීන සමාගමට පැවරිලා තියෙන්නේ. ඒ අය තවත් අවුරුද්දකුත් මාස තුනක් මේ අධීක්ෂණය කරනවා. තවත් අවුරුද්දකුත් මාස තුනකින් පස්සේ තමයි සම්පූර්ණ කරලා චීන සමාගම මේ බැම්ම අපට බාර දෙන්නේ.

මේක කිසිම ආකාරයෙන් බැම්මට හානියක් වෙන්නෙ නෑ මේ වගේ දේවල් බැමිවල සිද්ධ වෙනවා. ඒක සාමාන්‍ය දෙයක් නමුත් ඒක අපි අඳුරගෙන චීන සමාගම සමඟ එක්ව අවශ්‍ය කටුයුතු කරනවා. ජනතාව බිය විය යුතු නැහැ.’’ 

Related posts

ඇමති කිරිඇල්ලගේ තීරණයට ඇමති ඩිලාන්ගෙන් දැඩි විරෝධය !

colombotoday

වවුනියාව දකුණ (සිංහල) ප්‍රාදේශීය සභාව – ප්‍රතිඵලය මෙන්න

colombotoday

වේයෝ කාපු අබලන් වූ පෝර්ෂ් රථය නිසා රෝසි දහදුක් විඳලා

Admin

ඇඹිලිපිටියේ 72ක් PCR පරීක්ෂණයට

colombotoday

ඩුබායි රැකියා ලබාදෙන මුවාවෙන් ලක්ෂ ගණන් ගැරූ යුවළක් දෙමටගොඩදී අල්ලයි

Admin

රට ගිනි කන්දක් උඩ. වගා කළ හැකි රජයේ ඉඩම් ගොවීන්ට ලබා දෙන්න.

colombotoday