Colombo Today Local News

මෛත්‍රීගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානියාගේ ඇප ඉල්ලීමක් ප්‍රතික්ෂේප වෙයි

අල්ලස් චෝදනාවකට වරදකරු වී සිරදඬුවම් නියම වී සිටින තමන්ව ඇපමත මුදා හරින මෙන් ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ, හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී අයි.එච්.කේ මහානාම මහතා විසින් ඉදිරිපත් කළ ඇප ඉල්ලීමක් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ ප්‍රතික්ෂේප කර තිබේ.

සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කළ බව වාර්තාවේ.

තම සේවාදායකයා රඳවා සිටින වැලිකඩ බන්ධනාගාරය තුළ කොවිඩ් ආසාදිතයින් රැසක් හමුවී ඇති බව හා හෘද රෝගියෙකු වන ඔහුගේ ජීවිතයට අනතුරක් සිදුවිය හැකි බව ඇප ඉල්ලීම ඉදිරිපත් කරමින් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට කරුණු දක්වා තිබුණි.

කෙසේවෙතත් සිය තීන්දු ප්‍රකාශයට පත්කරමින් විනිසුරු මඩුල්ල පැවසුවේ විත්තිකරු තමන්ට නියම වී ඇති සිරදඬුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත්කර ඇති බවත් ඉදිරියේදී එය විභාගයට ගැනීමට නියමිත බවය.

ඒ අනුව අදාළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල දැනුම් දී තිබේ.

Related posts

පුංචි මන්ත්‍රීලාට ජනපතිගෙන් ආධ්‍යාත්මික වැඩමුළුවක්

colombotoday

“පෞද්ගලික අධ්‍යාපනය නංවනවා.. තවත් වෛද්‍ය විද්‍යාල තුනක් අරඹනවා“ – කිරිඇල්ල

colombotoday

මාව එලවා දමා මෛත්‍රී පාර්ලිමේන්තු එන්න හදනවා – ෆවුසිගෙන් චෝදනා

colombotoday

කුකුල් චමින්දගේ බිරිඳත් හොඳම කිකිලියක්… බොරු පැමිණිලි දාලා පොලිසිය රවට්ටලා ව්‍යාපාරිකයින්ගෙන් සල්ලි ගරාගෙන

Admin

ඥාණසාර හිමියන් අදත් අභියාචනාධිකරණයට !

colombotoday

නිවාස අමාත්‍යාංශය අද වනවිට හයකට කඩලා.. මට දී තිබෙන්නේ එයින් එක කෑල්ලක් පමණයි – සජිත්

colombotoday