Colombo Today Local News

මෙවර මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු අගෝස්තු 6

මෙවර මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ කරන්නේ මැතිවරණ දිනයට පසු දින එනම් අගෝස්තු 6 වැනිදා බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකට සහභාගී වීමට පැමිණි අවස්ථාවේ ඔහු මේ බව සඳහන් කළේය.

අද (21) පෙරවරුවේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා, දිස්ත්‍රික් ලේකම් තිස්ස කරුණාරත්න මහතා සහ මැතිවරණ කටයුතු සඳහා සම්බන්ධ වන මහනුවර දිස්ත්‍රික්කයේ රජයේ නිලධාරීන් හමුවුණි.

මහ මැතිවරණය පවත්වන ආකාරය පිළිබඳව මෙහිදී සාකච්ඡාවට බඳුන් වී තිබේ.

Related posts

ආරක්ෂක ලේකම්, සරත් විජේසූරියගෙන් මිලියන 1000 ක් වන්දි ඉල්ලයි !

colombotoday

රත්මලානේදී ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

colombotoday

UPDATE: සිංහල රාවයේ, රාවණ බලයේ නායක හිමිවරු යළි සිපිරිගෙට!

colombotoday

කොළඹ ප්‍රදේශ රැසකට පැය 14 ක ජල කප්පාදුවක්

colombotoday

මහේෂ් සේනානායක හදිසියේ රෝහල්ගත කරයි !

colombotoday

IMF වාර්ෂික සමුළුවට සහභාගී වීමට මෙරට නියෝජිතයින් පිරිසක් කලබන මස වොෂින්ටනයට

colombotoday