World

මෙක්සිකෝවේ ඉහළ යන කොවිඩ් මරණ

මෙක්සිකෝව තුළ සිදුවු කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 54,000 ට ආසන්න වී තිබේ.

ගත වූ පැය 24 තුළ එරටින් කොවිඩ් මරණ 926ක් වාර්තා වීමත් සමග එරට සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 53,929ක් බව විදෙස් වාර්තා සඳහන් කළේය.

මෙක්සිකෝව කොවිඩ් මරණ වැඩිම රටවල් අතරින් ලොව තුන්වන ස්ථානයේ පසුවේ.

කෙසේවෙතත් මෙක්සිකෝවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 492,522 ක් වන අතර එරට සුවය ලැබූ ආසාදිතයින් ගණන 332,800 ක් බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ඊයේ දිනය තුළ පමණක් මෙක්සිකෝවෙන් නව ආසාදිතයින් 6,686 දෙනෙකු හඳුනාගෙන තිබේ.

Related posts

සෞදි අරාබියේ පුරවැසියන්ට රටවල් 16කට සංචාරය කිරීම තහනම්

colombotoday

ඉන්දියාවෙන් පකිස්ථානයේ ප්‍රදේශයකට කිලෝ 1000 බරැති බෝම්බ හෙලයි !

colombotoday

ට්‍රම්ප්ගේ ඇමරිකාව සමග අලුත් ගමනකට පූටින්ගේ රුසියාව සැරසෙයි !

colombotoday

මුස්ලිම් නම් 29ක් චීනයේ තහනම් වෙයි.. මොහොමඩ්ලාට, සදාම්ලාට මින් පසු චීනයේ ඉඩ නෑ !

colombotoday

“ලන්ඩනයේ වීදි රුධිරයෙන් නාවනවා.. පල්ලිවල කුරුස ගලවා දමා යුරෝපය ආක්‍රමණය කරනවා” – ISIS ත්‍රස්තයෝ අනතුරුඅගවයි

colombotoday

ජනප්‍රිය බොලිවුඩ් ගායක KK මිය යයි

colombotoday