Colombo Today Local News

මුස්ලිම් මන්ත්‍රීවරුන් හා ජනපති අතර හමුවක් 10 වැනිදා

පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන සියළු මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවක් ලබන 10 වැනිදා පැවැත්වීමට නියමිත  බව දිගාමඩුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.එම්.එම් හාරිස් මහතා පවසනවා.

එම සාකච්ඡාව එදින පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මුස්ලිම් ජනතාවට එරෙහිව ඇතැම් සංවිධාන විසින් එල්ලකරනු ලබන චෝදනාවන් සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ එහිදි සාකච්ඡා කෙරෙනු ඇති.

එමෙන්ම සිය ධූරවලින් ඉල්ලා අස්වු අමාත්‍යවරුන්ට යළි එම ධූර ලබාගන්නා ලෙසට එක්සත් ජාතික පක්ෂය කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන්ද එහිදි අවධානය යොමුකෙරෙන බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

ඒ අනුව එම අමාත්‍ය ධූර යළි ලබාගන්නේද, නැද්ද යන්න සම්බන්ධයෙන් එහිදි තීරණය කෙරෙනු ඇති.

ඊට අමතරව රට තුළ පවතින වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ද එහිදි අවධානය යොමුකිරීමට නියමිත බවයි  එච්.එම්.එම් හාරිස් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

ඉන්දියන් හුළං නිසා නගර 5ක වායුව අවුල් | කොරෝනා රෝගීන්ටත් අපලයි

colombotoday

ගම්පහදී කොවිඩ් ආසාදිතයන් තිදෙනෙක් ලේ දන්දීලා

colombotoday

අගමැති, ජනපතිට අවි අමෝරයි !

colombotoday

බුදුන්වහන්සේටත් කොකා පෙන්නූ අයවැයක් – ගම්මන්පිල කියයි

Admin

“හමුදාව ඉවත් කර අතුරුදන්වූවන් සොයනු“ උතුරු නැගෙනහිර හර්තාල්.. ජන ජීවිතය අඩාලයි

colombotoday

වී මිල කිලෝවක් රු. 28යි – බුලත් විටක් රු.30 යි

colombotoday