Colombo Today Local News

මිරිස්සේ හෝටලයකදී හයිබ්‍රිඩ් සුරංග තරුණියන් දෙදෙනකු සමග අල්ලයි

මිරිස්සේ හෝටලයක් වටලා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන හරක් කටාගේ ගෝලයෙකු බව කියන පාතාල සාමාජික හයිබ්‍රිඩ් සුරංග සමග තරුණියන් දෙදෙනකුද මත්ද්‍රව්‍ය සහ මෝටර් රථයක්ද අත්අඩංගුවට ගත් බව හියාරේ විශේෂ කාර්ය බළකා කඳවුර පවසයි.

හයිබ්‍රිඩ් සුරංග සමග මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ,නෙළුව මාවනාන සුදුවැල්ල පදිංචි තරුණියන් දෙදෙනකි.
ඔවුන් සන්තකයේ තිබු අත් විලංගු එකක්,අයිස් ග්‍රෑම් 20ක්, හෙරොයින් ග්‍රෑම් 05ක් මුදල් රුපියල් 58830ක් ද ඔවුන් පැමිණ ඇති S.P.K.W.2557 ඇක්වා වර්ගයේ මෝටර් රථය ද පොලිස් බාරයට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින් පැවසුවේ හයිබ්‍රිඩ් සුරංග නමැති සැකකරු විවිධ ප්‍රදේශවල සිදු කරන ලද අපරාධ රැසකට සම්බන්ධ අතර පසුගිය සතියේද වැලිගම නගරයේ පුද්ගලයෙකුගෙන් තමන් විශේෂ කාර්ය බළකායේ බව පවසා අත් විලංගුද පෙන්වා කප්පම් ලබාගෙන ඇති බවට අනාවරණය වී ඇති බවයි.

බුද්ධි තොරතුරක් මත අක්මිමණ හියාරේ කඳවුරේ අණදෙන නිලධාරි පොලිස් පරික්ෂක හේවාපතිරණ මහතාගේ මෙයෙවිම යටතේ පොලිස් පරික්ෂක ප්‍රියදර්ශ, උප පොලිස් පරික්ෂකවරුන් වන තිලකරත්න,නාමල් යන මහත්වරු ඇතුළු නිලධාරි කණ්ඩායමක් මෙම වැටලීම් සිදු කර ඇත.

සැකකරු සහ නඩු භාණ්ඩ වැලිගම පොලිසියට බාරදී තිබේ.

Related posts

අලුත් ව්‍යවස්ථාව රටට මහ විනාශයක් !.. – ගැටඹේ නාහිමි

colombotoday

රන්ජන් පාර්ලිමේන්තුවේදී ඇද බෑ ටොම් පචයක් විනිසුරු පද්මිණීගේ හඩ පටයෙන් එළි වෙයි !

colombotoday

ගතවූ පැය 24 තුළ බස්නාහිර පළාතේ දී සැකකරුවන් 376ක් අත්අඩංගුවට

colombotoday

අතිරේක සොලිසිටර් ජනරාල්වරුන් 07ක් ජනාධිපති නීතිඥවරුන් ලෙස පත්කරයි

colombotoday

ඥාණසාර හිමි කුමන්ත්‍රණකරුවෙක්ද? ආණ්ඩුව වැට්ටුවේ ඥාණසාර හිමිද? – බොදු බලය පිළිතුරු දෙයි

colombotoday

ආණ්ඩුවේ පරම සිංහල බෞද්ධ සුජාතභාවය දැන් අහෝසියි…

colombotoday