Colombo Today Local News

මැතිවරණය කළමණාකරණය කිරීම සඳහා විශේෂ මෙහෙයුම් මැදිරියක්

2020 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව මැතිවරණය කළමණාකරණය කිරීම සඳහා පොලිස් මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇත.

පොලිස් මූලස්ථානය සඳහන් කර සිටින්නේ මෙම මස 01 වන දින සිට එය ස්ථාපිත කර ඇති බවයි.

මෙම මෙහෙයුම් මැදිරිය වෙත මහජනතාවට මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධව පැමිණිලි හා තොරතුරු ලබාදීම සඳහා ද පහසුකම් සලසා ඇත.

ඒ සඳහා සෘජු දුරකථන අංක ලෙස 1933 හෝ 011-2472757 භාවිත කළ හැකිය.

අනෙකුත් දුරකථන අංක ලෙස 011-5978701/ 011-5978703/ 011-5978719/ 011-5978722/ 011-5978702/ 011-5978714/ 011-5978721/ 011-5978737 භාවිත කළ හැකිය.

ෆැක්ස් අංක වන්නේ 011-2345553/ 011-2327706/ 011-2440433 යන අංකය.

[email protected] විද්‍යුත් තැපැල් ලිපිනය ලෙස භාවිත කළ හැකිය.

Related posts

අකිලගේ, හිරුණිකාගේ සැප රිය දෙකත් මාගම්පුරට ගොඩබායි (Photo)

colombotoday

පාලමක් දෙකට කැඩී ටිපර් රථය ඇළට වැටෙයි

Admin

කොළඹ වරාය නගර පළමු ව්‍යාපෘතියට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය

colombotoday

ද්‍රවිඩ සන්ධානයටත් යුද අපරාධ චෝදනා

colombotoday

සංචාරක වීසා මත ගෘහ සේවිකාවන් අද සිට රට යැවීම තහනම්

Admin

ඉන්ධන ඉල්ලා පංචිකාවත්තෙන් පාර වහයි – මාර්ග රැසක දැඩි වාහන තදබදයක්

colombotoday